Last Posts

Monday, October 5, 2020

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුව පිරිහීමටත් පාක්‍ෂිකයන් අපේක්ෂා භංගත්වයට පත් වීමටත් ඉඩ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුව පිරිහීමටත් පාක්‍ෂිකයන් අපේක්ෂා භංගත්වයට පත් වීමටත් ඉඩ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සංශෝධනය සම්බන්ධයෙන් තම මතය දක්වමින් යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි අදාල අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන සංශෝධනය හිතවත් ජනාධිපතිතුමනි, 2015 ජනවාරි මස බලයට පත් වූ යහපාලන ආණ්ඩු සමයේ 2015 අප්‍රේල් මස 28 දින 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නට යෙදුනි. එවකට යහපාලන ආණ්ඩුවට සිටි සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 47 ක් පමණි. එහෙත් එම සංශෝධනය එක් මන්ත්‍රීවරයකුගේ හැර අන් සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත විය. 19 වන සංශෝධනය මගින් සිදු කළ වෙනස්කම් මීට අමුණා ඇති උපලේඛනයේ සඳහන් ව ඇත. පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩු පාලනය ගැටලුකාරී තත්ත්වයට පත් වු බව සැබෑ ය. එය සිදු වූයේ ආණ්ඩුව පත් ව වසර 2 ½ ක පමණ කාලයක් ගත වූ පසුව ය. ඊට හේතුව මෙරට පැවති වෛරී දේශපාලන සංස්කෘතිය තුළ එකිනෙකාට එරෙහි ව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති ධුරය හෙබවීමත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමත් ය. ඒ තුළ ක්‍රියාත්මක වූයේ බරපතළ දේශපාලන දඩයමකි. එම ආණ්ඩු කාල පරිච්ඡේදය තුළ ආණ්ඩුවේ අස්ථාවරත්වයට බලපෑ ප්‍රධාන කරුණු කිහිපය හරි හැටි හඳුනා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකි. ඒවා නම්; 1. එවකට ජනාධිපතිවරයා ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ව තිබු බලතල ක්‍රියාත්මක නොකිරීම. උදාහරණ ලෙස 19 සංශෝධනයෙන් පසුව ද ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අගමැති සහ ඇමති මණ්ඩලය කුමන මතයක් දැරුවේ වුව ද, ජනාධිපතිගේ තීරණය නීතියෙන් බලාත්මක තීන්දුව ලෙස සැලකුණි. ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකක් නියෝජනය කළ නායකයින් හේතුවෙන් එවැනි තත්ත්වයක් මතු වුවත් වර්තමානයේ ඔබතුමාගේ වැඩිමහල් සහෝදරයා මෙන් ම ඔබතුමාගේ දේශපාලන ගුරුතුමා මෙරට අග්‍රාමාත්‍ය තනතුර හොබවමින් එක ම පිළක් නියෝජනය කරන නිසා එවැනි ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොතිබිය හැකිය. 2. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ව කටයුතු නොකරමින් දේශපාලනීකරණය වීම. 3. කොමිෂන් සභා වලට කොමසාරිස්වරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පැවති ගැටලුකාරී තත්ත්වය. මෙම ප්‍රශ්න නිරාකරණය සඳහා ඔබතුමා ගෙන ආ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩංගු විය යුතු ව තිබුණේ ඉතාමත් සරල මහජන විරෝධය අවම කරගත හැකි සුළු සංශෝධන කිහිපයකි. එවා නම්; 1. අමාත්‍යවරුන් පත් කිරීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහිත ව අමාත්‍යවරුන් තීරණය කිරීම වෙනුවට ජනාධිපතිවරයාගේ අභිමතය අනුව සියලු අමාත්‍යවරුන් පත් කිරීමට ජනාධිපතිට බලය ඇත්තේය යනුවෙන් සංශෝධනය කිරීම. 2. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට යෝජිත 20 වන සංශෝධනයෙන් යෝජනා කර ඇති පරිදි පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කිරීම. එය තරමක් හෝ ප්‍රශස්ථ ලෙස සිදු කිරීම සඳහා සභාවේ සංයුතිය 7 දක්වා වැඩි කර ජනාධිපතිගේ නියෝජිතයකු හා සුළු පක්ෂ නියෝජනය සඳහා නියෝජිතයකු පත් කිරීම වඩාත් උචිත වේ. 3. කොමිෂන් සභා වල කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය අනුව ඔවුන් ස්වාධීන ලෙස සහ කාර්යක්ෂම ව කටයුතු නොකරන බවට ජනාධිපතිගේ මතය වේ නම් පාර්ලිමේන්තු සභාවේ ද අදහස් විමසා කොමසාරිස්වරු ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත බලය ඇති බවට ප්‍රතිපාදන සැකසීම. මතභේදයකට හෝ මහජන විරෝධයකට බඳුන් නොවන සේ මෙවැනි සුළු සහ සරල සංශෝධනයක් කළ හැකි ව තිබිය දී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය මගින් ආණ්ඩුව පිරිහීමට හා පාක්ෂිකයින්ගේ අපේක්ෂා භංගත්වයට පත් වීමේ ඉඩකඩ ඇති බව ඔබතුමා තේරුම් ගනු ඇතයි මම විශ්වාස කරමි. 19 වන සංශෝධනය මගින් හඳුන්වා දුන් නීති අහෝසි කරන බවට ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි කිසිදු තැනක සඳහන් කර නොමැති බව ද අවධාරණය කර සිටිමි. මහා බ්‍රිතාන්‍ය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාර්ලිමේන්තු බිහි වූයේ රාජ්‍ය මූල්‍ය පාලනය විධායකයට පාලනය කිරීමට ඉඩ නොදීමටත්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමටත් ය. 1215 මැග්නා කාර්ටා ගිවිසුම මගින් ද එය තහවුරු විය. 1689 මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුන්වන විලියම් රජුගේ සහ මේරි කුමරියගේ රාජකීයත්වය පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදු නොකරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව ය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ ව තනි හා අනන්‍ය බලය පාර්ලිමේන්තුව වෙත පැවරී තිබිය දී රාජ්‍ය ආයතන රාජ්‍ය විගණනයෙන් සහ පාර්ලිමේන්තු අධීක්ෂණයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථාවන් මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍ය බලය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් මගින් අනුමත කිරීමක් අවශ්‍ය බවත් දක්වමින් ගෙනෙන තර්ක වල සාධාරණභාවයක් දක්නට ඇත. මෙවන් තත්ත්වයක් යටතේ මහජන පරමාධිපත්‍යයට ගරු කරන මන්ත්‍රීවරයකුට හෘද සාක්ෂියට එකඟ ව 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දය දීම කළ හැකි ද යන්න පිළිබඳ ව මා තුළ බරපතළ ප්‍රශ්නයක් මතු වී ඇත. එමගින් මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට දෙන ලද ප්‍රතිඥාව / දිවුරුම උල්ලංඝනය කිරීමක් ද සිදුවනු ඇතයි පෙනෙන්නට ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව පවතින දුෂ්ඨතම ව්‍යවස්ථා ප්‍රතිපාදනය යැයි අපි උපකල්පනය කළත්, එම සංශෝධනය සම්මත නොකළා නම් ඔබතුමාට කිසිදු දිනක ජනාධිපති හෝ ජනාධිපති අපේක්ෂකයා වීමටවත් වරම් නොලැබෙන බව මට වඩා හොඳින් ඔබතුමා ද හෘද සාක්ෂියට අනුව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි. දැනට ඉදිරිපත් කර ඇති යෝජිත 20 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා වටා එක් වන බලතල භාවිත කිරීමේ දී ඔබතුමා ජනාධිපතිධුරය හොබවන කාල පරිච්ඡේදය තුළ රටට හානියක් සිදු නොවනු ඇතයි මම විශ්වාස කළ ද, අනාගතයේ පත්වන ජනාධිපතිවරයකු යටතේ මෙරට ඛේදජනක තත්ත්වයට ඇද වැටෙනු ඇතයි යන්න මගේ විශ්වාසයයි. මෙයට විශ්වාසී, ආචාර්ය විජයදාස රාජපක්ෂ පිටපත : ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය උපලේඛනය, 2015 අප්‍රේල් 28 වන දින සම්මත කර ගන්නා ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එවකට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ වෙනස්කම්. 1. ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ලබා දීම සහ එය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නීතිගත කිරීම. (144 ව්‍යවස්ථාව) 2. ජනාධිපතිවරයාගේ ධුර දැරීමේ වාර ගණන දෙවතාවකට සීමා කිරීම. (31 (2) සහ 92 (ඇ) ව්‍යවස්ථාවන්) 3. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීම. (30(2) ව්‍යවස්ථාව) 4. පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීම. (62 (2) ව්‍යවස්ථාව) 5. පාර්ලිමේන්තුවක් රැස් වූ දින සිට වසරක් ගත වූ තැන එය විසිරවීමට ජනාධිපතිට තිබූ බලය වසර හතරහමාරක කාලයක් දක්වා දීර්ඝ කිරීම. එහෙත් යෝජනා සම්මුතියක් මගින් ඊට පෙර විසිරවීම සඳහා බලය ලබා දෙන ලදී. (70 ව්‍යවස්ථාව) 6. ජනාධිපති අපේක්ෂකයකු වීමේ අවම වයස අවුරුදු 30 සිට 35 දක්වා වැඩි කිරීම. 7. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරීම තහනම් කිරීම (ජනාධිපති ධුරයට ද අදාළ ය.) (91ඇ (xiii) ව්‍යවස්ථාව) 8. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම. (41අ ව්‍යවස්ථාව) 9. පහත සඳහන් කොමිෂන් සභා අලුතෙන් පිහිටුවීම. (41ආ(6) ව්‍යවස්ථාව) අ. මැතිවරණ කොමිෂන් සභාව ආ. පොලිස් කොමිෂන් සභාව ඇ. විගණන සේවා කොමිෂන් සභාව ඈ. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව 10. උපරිමාධිකරණ විනිසුරුවරුන් ජනාධිපති විසින් පත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් ලබාගත යුතු වීම. (41ඇ ව්‍යවස්ථාව) 11. නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම් ජනාධිපති විසින් පත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ ලබාගත යුතු වීම. (41ඇ ව්‍යවස්ථාව) 12. කොමිෂන් සභා (නවය) සඳහා ජනාධිපති විසින් කොමසාරිස්වරුන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇති ව සිදු කළ යුතු වීම. (41ආ ව්‍යවස්ථාව) 13. අමාත්‍යවරුන් ලෙස පත් කළ යුත්තන් කවුරුන්ද යන්න අග්‍රාමාත්‍යවරයා විසින් නම් කිරීම සහ ඔවුන්ගේ විෂය පථයන් ජනාධිපති විසින් තීරණය කිරීම. (43 ව්‍යවස්ථාව) 14. හදිසි පනත් පැනවීමේ විධිවිධානය ඉවත් කිරීම. 15. අවම වශයෙන් මුල් අවස්ථා අධිකරණයන්හි සේවය කළ එක් විනිසුරුවරයකු අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කිරීම. (111ඇ ව්‍යවස්ථාව)

Sunday, October 4, 2020

කොරෝනා වයිරසය හේතුවෙන් තමන් මිය යාවි දැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා සමීපතම ආධාරකරුවන්ගෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වයිරසය හේතුවෙන් තමන් මිය යාවි දැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා සමීපතම ආධාරකරුවන්ගෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටින ඇමරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇතැයි ද විදෙස් මාධ්‍ය වල සඳහන්ය. ඔහුගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වන තවත් පැහැදිලිව නොමැති බවත් ඔහුට ඉදිරි පැය කිහිපය ඉතා වැදගත් බවත් එම වාර්තා සඳහන් කරයි. බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරමින් ද ඇත්තේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නැති බවයි. කොරෝනා ආසාදිත 74 වයසැති ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් වෛද්‍යවරුන් සහ හෙදියන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා යොදවා ඇත. මේ අතර ජනාධිපතිවරයා රෝහලේ සිට රාජකාරි කරන ආකාරය සදහන් පින්තූර පෙලක් ධවල මන්දරිය වෙතින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Tuesday, January 29, 2019

වැටුප් ගිවිසුමට විරුද්දව වතුකරය ඇවිලේ.. දේශපාලක පිලිරූ ගිණිතබා වලදමති.. January 29, 2019 at 12:40 pm | lanka C news

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරිමට විරෝධය පා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අදත්(29) උද්ඝෝෂනයක නිරත වුණි. වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වාත් තේ මිල අනුව දිනකට රු 50 ක දිමනාවක් සහ අමතර නෙළන තේ දළු කිලෝවක් සදහා රු 40 ක මුදලක් සදහා වසර දෙකකට බල පැවැත්වෙන සේ වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා කම්කරු කොන්ග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඊයේ (28) උදැසන අරලියගහ මන්දිරයේදි වසර දෙකකට බලපැවැත්වෙන සේ අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවයම අත්සන් කරනු ලැබුහ. බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ වතු කම්කරුවන් අද දින සේවයට වාර්තා කිරිම ප්‍රථම එම වතුයායේ සිට කළු කොඩි අතතිව පෙලපාලියකින් බගවන්තලාව නගරය වෙත පැමිණ සිය විරෝධය දක්වා අවබෝධතා ගිවිසුමට අත්සන් කල වතුකරයේ දේශාපඥයින්ගේ සහ වතු සමාගම්වල නිලධාරින්ගේ අනුරුවක් සකස් කර හින්දු චාරිත්‍රානුකුලව අවමගුල් චාරිත්‍ර සිදු කල අනුරුවන් පුළුස්සා දමා සිය විරෝධය දක්වනු ලැබුහ. විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ දේශපාලඥයින් රු 1000ක තමන්ට මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව පොරොන්දු වෙමින් තමන්ව මුලා කල බවයි. ඉදිරියේදි පැවැත්වෙ මැතිවරණවලදි ජන්දය ඉල්ලා තමන් වෙත නොපැමිණෙන ලෙසටද උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් වතුකරය නියෝජනය කරන දේශපාලඥයින්ට කියා සිටි. – හැටන් රංජිත් රාජපක්ෂ

Saturday, September 16, 2017

විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය…

අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේ අද(15) දින ජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය… අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 21 වැනිදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ නීති බලාත්මක කෙරෙන පනත් කෙටුම්පත බවත් ඔබතුමන් දැනුම්වත්ව ඇතැයි සිතමු. එමෙන්ම, මෙම මස 21 වැනිදා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත” ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත. ඉදිරි සතිය තුළ ආණ්ඩුව විසින් ගනු ලැබ තිබෙන මෙම පියවර තුන පිළිබඳව අපගේ මතය ඔබතුමන් වෙත ඉදිරිපත් කිරීම වැදගත්වේ යැයි ජාතික නිදහස් පෙරමුණ තීරණය කරන ලදී. මෙම ලිපිය ඔබතුමන් වෙත ඉදිරිපත් කරනුයේ, අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ එම තීරණය ප්‍රකාරව ය. අතිගරු ජනාධිපතිතුමනි, 1) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනුයේ පළාත් සභාවන් 03ක මැතිවරණ කල් දැමීම හා ජනවරමකින් තොරව නීතියට පටහැනිව එම පළාත් සභාවන්හි ආයු කාලය දීර්ඝ කර ගැනීම ය. මෙය බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් බව කවරකුට වුව වැටහේ. පළාත් සභා මැතිවරණ ජාතික මැතිවරණ නොවේ. පළාත් සභාව පිහිටුවන්නේ අදාළ පළාතේ ජනතාවගේ ඡන්දයෙනි. එබැවින් පළාත් 09ක මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ වැදගත්කමක් පෙන්වා පළාත් කිහිපයක ඡන්ද අවලංගු කර ජනවරමකින් තොරව දැනට පවත්නා පළාත් සභා ආයු කාලය දීර්ඝ කිරීම මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑමකි. මේ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කිරීමේ පියවර අවලංගු කරන මෙන් අපි ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. 2) අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීම මේ වන විට ද විවිධ හේතු මත අතුරුදහන්වීම් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමට අදාළ ගැසට් නිවේදනයට ඔබතුමන් විසින් අනුමැතිය ලබා දී තිබේ. එම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසුව බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම සඳහා දායක වූ ඕනෑම හමුදා නිලධාරියකුට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කොට දේශීයව හා ජාත්‍යන්තරව චූදිතයකු බවට පත් කළ හැකි ය. මෙම කාර්යාලයට සාක්‍ෂි ආඥා පනත අදාළ නොවන බවත් රණවිරුවන් ව්‍යාජ චූදිතයන් බවට පෙරළීමේ ඔවුන්ගේ කාර්යය කිසිම අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි බවත් මෙහිලා සිහිපත් කිරීම වැදගත් ය. මෙම 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ එබදු තත්වයක් දැනටම ඇති වී තිබෙන පරිසරයක් තුළ ය. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමන් විසින් දැනටම අනුමැතිය ලබා දී ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් යුද සමයේ සිදුවීම් මුල්කර ගෙන ව්‍යාජ චෝදනා මත චූදිතයකු බවට පත් කෙරෙන හමුදා නිලධාරියකුට, දෙවන පනත මගින් පිහිටුවීමට නියමිත දේශීය යුද අපරාධ අධිකරණය ( විශේෂ මහාධිකරණය ) මගින් දඩුවම් කළ හැකි ය. එසේම, අදාළ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති සම්මුති රාජ්‍යයකින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක ප්‍රශ්න කිරීමකින් තොරව එම චූුදිත නිලධාරියා ඉල්ලා සිටින රටට පිටුවහල් කිරීමට ද සිදු වේ. දැනටමත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් එම රටවල අධිකරණ හමුවේ පැමිණිලි කර තිබේ. එමෙන්ම එම පැමිණිලි විභාග කිරීමට ද නියමිතව තිබේ. 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත්, අදාළ ලතින් ඇමෙරිකානු රටවල් (ඒවා ද මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල් නම් ) ඉල්ලා සිටින විට ජෙනරාල් ජගත් ජයසූරිය එම රටවල් වෙත පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය නෛතිකව බැඳී සිටී. සැබවින්ම, මෙය ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධව පමණක් නොව යුද්ධයේදී මූලිකත්වය ගෙන කැප වූ සියලු රණවිරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇති අවාසනාවන්ත ඉරණමකි. ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැතත්, අපේ රණවිරුවන් චූදිතයන් බවට පත්කර නඩු විභාගයක් අරඹනු ලබන විදේශීය රට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන රටක් නම්, තමන් බාරයට පත් කරනු ලබන ශ්‍රී ලංකා හමුදාවන්හි රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට පැමිණවීමට ද මෙමගින් පාර කපා දී තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයා මෙම පනත අතීතයට බල නොපාන බව පැවසුව ද එබඳු සඳහනක් මෙම පනතේ කිසිම තැනක සඳහන් කර නැත. එමෙන්ම නීති විශාරදයන් දැනටමත් පෙන්වා දී ඇත්තේ මෙම පනත අතීතයට බලනොපාන බව පැවසීම පිළිගත නොහැකි බව ය. 21 වනදා සම්මත කර ගැනීමට නියමිත මේ පනතත්, දැනටම වැඩ අරඹා තිබෙන අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලය පිහිටුවිමේ පනත ද එකට ගෙන සලකා බැලූ විට, අපමණ කැපකිරීම් සිදුකර රටට සාමය දිනා දුන් රණවිරුවන් පාවා දෙනු ලබන අන්දම විශ්වාස කිරීමට තරම් අසීරු ය. ලෝකයේ රටවල් 54ක් හැර සෙසු රටවල් විසින් අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය මෙන්ම ඉන්දියාව ද ඒ අතර වේ. එබඳු තත්වයක් යටතේ, රට බේරා ගත් රණවිරුවන් බිලි දෙන මෙම ප්‍රඥප්තිය අප රට තුළ නීතියක් බවට පත් කිරීම නොකළ යුතු ය. 21 වන දා පාර්ලිමේන්තුව තුළ එය නීතියක් බවට පත්කර ගනු ලැබුවහොත් මෙරට ත්‍රිවිද හමුදාව පාවා දුන් දිනය බවට එම දිනය ඉතිහාසයේ සටහන් වනු ඇත. එම අපකීර්තිය ඔබතුමන් වෙත ද එල්ල වනු වැළැක්වීම අසීරු ය. 3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත අතිගරු ජනාධිපතිතුමනි, ඉහත දක්වන ලද කෙටුම්පත මෙම 21 වනදා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම කෙටුම්පත එම මණ්ඩලය තුළ විවාද කර අනුමත කරන ලද හොත් අමාත්‍ය මණ්ඩලය තුළ අනුමැතිය ද ලැබී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් බවට පත්ව නැවත එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත. මෙම කෙටුම්පත අප හොඳින් අධ්‍යයනය කරනු ලැබුවෙමු. ශ්‍රී ලංකාව පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම මෙය මූලික නීතිය බවට පත් කරන ලදහොත් සිදුුවනු නියත ය. ඉඩම්, පොලිස්, පරිපාලන ආදී සියලු බලතල හිමි වන්නේ පළාත් සභාවට ය. ශ්‍රී ලංකාව ආණ්ඩු 9ක් ක්‍රියාත්මක වන රටක් බවට පත් කිරීම මෙමඟින් සිදු කෙරේ. දෙමළ ඊළාම් බෙදුම්වාදයට දීර්ඝ කාලයක සිට ඇති වී තිබූ පිපාසාව මෙයයි. රාජ්‍යයේ ඒකීයභාවය වනසා දමා, ෆෙඩරල් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙන් පසු තවත් එක් පියවරකින් දෙමළ ඊළම නිර්මාණය කර ගැනීමට දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයනට හැකියාව තිබේ. එබැවින් මේ සියලු කරුණු සලකා බලා 1) ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම නවතන ලෙසත් 2) රණවිරුවන් සාමූහිකව පාවා දෙන අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමෙන් වළකින ලෙසත් 3) ශ්‍රී ලංකාව කැබලිකරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව හා එය ශ්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කිරීමේ මෙහෙයුම නතර කරන ලෙසත් අපි ඉතා ගෞරවයෙන් ඔබතුමන් වෙතින් ඉල්ලා සිටිමු. ප්‍රතිපත්තිමය වශයෙන් අප අතර දේශපාලන විවාද තිබිය හැකි වුව ද මාතෘභූමියේ ආරක්‍ෂාව හා පැවැත්ම සම්බන්ධයෙන් අප අතර විවාදයක් තිබිය නොහැකි ය. එබැවින් රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමන් මෙම කරුණු කෙරෙහි බරපතළ අවධානය යොමු කරනු ඇති බවත් අවශ්‍යවේ නම්, මේ පිළිබඳව ඔබතුමන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමට වුව මාතෘභූමියේ නාමයෙන් අපි සූදානම් බවත් දන්වා සිටිමු. ස්තුතියි, මෙයට විශ්වාසී, විමල් වීරවංශ (පා.ම) සභාපති, ජාතික නිදහස් පෙරමුණ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්, 2017 සැප්තැම්බර් 15 13,297 Viewers

Friday, July 7, 2017

‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද

එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු..’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ පැවසුවේ මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල අෘණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනුෟ’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන. ‘රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි’ පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා. මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ. ‘මේ ගහන්නේ කසාවතටයි’ මේ ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් තිබෙනවා. ඒකයි පිං කැටයටත් අත තිබ්බේ. බෞද්ධ සමාජයට අද මේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න හදනවා ‘හාමුදුරුවරු කියන්නේ සල්ලි එකතු කර ගෙන. ආත්මාර්ථකාමීව භූක්ති විඳින අය’ කියා. මේ ගහන්නේ කසාවතට මේ ගහන්නේ මහා සංඝරත්නයත් මේ රටේ බෞද්ධ ජනතාවත් අතර පවතින මහා ඓතිහාසික බැදීමට, මේ ගහන්නේ මේ රටේ සභ්‍යත්වයේ මුදුන් මුලට. අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට ටිකට සීල් තියලා මේ ආණ්ඩුව හදන ප්‍රවෘත්තිය තමයි ‘මේ විහාරයට පුදුමාකාර ආදායමක් ලැබේ’ කියන එක. ඒකෙන් හදන මතය තමයි ‘හාමුදුරුවන්ට දැන් සල්ලි තියෙනවා. දානේ දෙන්න ඕනෙ නැහැ. ඒ නිසා ගිහියාත් දැන් පන්සලෙන් කීයක් හරි ඉල්ලා ගත යුතුයි’ කියා. මේ රටේ තිබෙන බෞද්ධ සභ්‍යත්වය අන්‍ය ජාතිකයන්ගේ අනන්‍යතාව රැක්කා, ඔවුන් සහෝදරාත්මකව පිළි ගත්තා. එදා දළදා හාමුදුරුවන් වැඩ සිටින භූමිය ඉදිරියේ බි්‍රතාන්‍ය පාලකයන් පල්ලිය හැදුවා. නමුත් බි්‍රතාන්‍ය පාලකයන් ගියාට පසු ඒක කඩා දැමීමට කවුරුත් ගියේ නැහැ. ඒ තමයි මේ සභ්‍යත්වයේ තිබෙන වැදගත්කම. එය සියල්ල ඉවසා වදාරන සභ්‍යත්වයක්. ඒ මුදුන් මුලටයි මේ ගහන්නේ. මේ පරගැති. සල්ලාල නිවට ආණ්ඩුව අද මේ රටේ මර්මස්ථානවලටයි පහර ගහන්නේ. ආර්ථිකය කෙලෙසනවා. රාජ්‍යයේ ඒකීයභාවය කෙලෙසනවා. රට දෙපලු කිරීමේ දිසාවට රැගෙන යනවා. ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය කරට අරන් ඉදිරියට ගෙන යනවා. මේ මව් පොළොව රක්නා සභ්‍යත්වයේ මුදුන් මුලට ගහනවා. ‘මේ සියල්ල ඉවසා ගෙන සිටිනවාද? නැතිනම් මේ පරගැති රූකඩ ආණ්ඩුව සතු බලය නිවැරදි ජනතා බලවේගයක් අතට පත් කරනවාද?’ කියන ප්‍රශ්නයයි අද අප ඉදිරියේ තිබෙන්නේ. මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරත් විජේසිංහ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු..’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ පැවසුවේ මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල අෘණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනුෟ’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන. ‘රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි’ පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා. මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ. ‘මේ ගහන්නේ කසාවතටයි’ මේ ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් තිබෙනවා. ඒකයි පිං කැටයටත් අත තිබ්බේ. බෞද්ධ සමාජයට අද මේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න හදනවා ‘හාමුදුරුවරු කියන්නේ සල්ලි එකතු කර ගෙන. ආත්මාර්ථකාමීව භූක්ති විඳින අය’ කියා. මේ ගහන්නේ කසාවතට මේ ගහන්නේ මහා සංඝරත්නයත් මේ රටේ බෞද්ධ ජනතාවත් අතර පවතින මහා ඓතිහාසික බැදීමට, මේ ගහන්නේ මේ රටේ සභ්‍යත්වයේ මුදුන් මුලට. අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට ටිකට සීල් තියලා මේ ආණ්ඩුව හදන ප්‍රවෘත්තිය තමයි ‘මේ විහාරයට පුදුමාකාර ආදායමක් ලැබේ’ කියන එක. ඒකෙන් හදන මතය තමයි ‘හාමුදුරුවන්ට දැන් සල්ලි තියෙනවා. දානේ දෙන්න ඕනෙ නැහැ. ඒ නිසා ගිහියාත් දැන් පන්සලෙන් කීයක් හරි ඉල්ලා ගත යුතුයි’ කියා. මේ රටේ තිබෙන බෞද්ධ සභ්‍යත්වය අන්‍ය ජාතිකයන්ගේ අනන්‍යතාව රැක්කා, ඔවුන් සහෝදරාත්මකව පිළි ගත්තා. එදා දළදා හාමුදුරුවන් වැඩ සිටින භූමිය ඉදිරියේ බි්‍රතාන්‍ය පාලකයන් පල්ලිය හැදුවා. නමුත් බි්‍රතාන්‍ය පාලකයන් ගියාට පසු ඒක කඩා දැමීමට කවුරුත් ගියේ නැහැ. ඒ තමයි මේ සභ්‍යත්වයේ තිබෙන වැදගත්කම. එය සියල්ල ඉවසා වදාරන සභ්‍යත්වයක්. ඒ මුදුන් මුලටයි මේ ගහන්නේ. මේ පරගැති. සල්ලාල නිවට ආණ්ඩුව අද මේ රටේ මර්මස්ථානවලටයි පහර ගහන්නේ. ආර්ථිකය කෙලෙසනවා. රාජ්‍යයේ ඒකීයභාවය කෙලෙසනවා. රට දෙපලු කිරීමේ දිසාවට රැගෙන යනවා. ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය කරට අරන් ඉදිරියට ගෙන යනවා. මේ මව් පොළොව රක්නා සභ්‍යත්වයේ මුදුන් මුලට ගහනවා. ‘මේ සියල්ල ඉවසා ගෙන සිටිනවාද? නැතිනම් මේ පරගැති රූකඩ ආණ්ඩුව සතු බලය නිවැරදි ජනතා බලවේගයක් අතට පත් කරනවාද?’ කියන ප්‍රශ්නයයි අද අප ඉදිරියේ තිබෙන්නේ. මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරත් විජේසිංහ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ

Thursday, July 6, 2017

කාලීන අද දවසෙ: ‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’

කාලීන අද දවසෙ: ‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’: ජාතිය මුහුණ දී ඇති අනතුර මැනවින් අවබෝධ කොට ගෙන ඉතාමත් ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිව...

‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’

ජාතිය මුහුණ දී ඇති අනතුර මැනවින් අවබෝධ කොට ගෙන ඉතාමත් ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂය සිය ප්‍රණාමය පුදකර සිටින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “තවමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ තිබෙන්නේ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හා ඊට අදාළ නීතිය’ බලාත්මක කරන පනත් කෙටුම්පතයි. මොන කරුණු කීවත් විදේශ අමාත්‍යවරයා මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූවෙත්, ජිනීවාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලියට අත ඔසවා සම අනුග්‍රාහකයකු වූවෙත් මේ රටේ යුද ජයග්‍රහණය දිනා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමට බව ඉතා පැහැදිලියි. මෙම පනත තමයි දේශීය වශයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත. ‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’ මෙමගින් යුද සමයේ සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට දැනට සේවයේ යෙදී සිටින සියලුම හමුදා නිලධාරීන්ට ඉතාම අන්තරාදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ යුද අපරාධයක් ලෙස ගැනෙන කාරණයක්. මේ පනත මගින් ඉහත කී ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළාම ‘පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම’ කියන කාරණයට අදාළව නඩු විභාග කරලා තීන්දු දෙන්න වෙනම උසාවියක් පිහිටුවනවා. ඒ උසාවියට බලය තිබෙනවා, කවුරුන් හෝ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමකට චෝදනා ලබන හමුදා නිලධාරියා පමණක් නොවෙයි, අණ දෙන නිලධාරියා දක්වා වරදකරුවන් කොට දඬුවම් දීමට. ඒ අනුව මේක යුද අපරාධ අධිකරණයක් මිස වෙන කුමක්ද? 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබූ විනාශකාරී යුද්ධය අවසන් කරපු එකට මල්මාලා දානවා වෙනුවට මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටයි. මේ පනතින් හැදෙන්නේ ඒ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන උසාවියයි. ‘සාක්‍ෂි ආඥා පනත අදාළ නැහැ’ ඒ වගේම ඔබ දන්නවා, මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ පනත අනුව සාක්‍ෂිකරුවන් ගෙන්වීමට අවශ්‍ය නැහැ. නොදන්නා සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් අධිකරණයට පිළිගත හැකියි. මේ ජාත්‍යන්තර සම්මුති පනත අනුව පිහිටුවනු ලබන අධිකරණයටත් සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්‍ෂිකරුවන් කවුදැයි නොදැන අතුරුදහන්වීම්වලට සාක්ෂි සොයනවා. ඒ සාක්ෂි මත පදනම්ව, මේ පනතින් හදන අධිකරණයෙන් නඩුව අහනවා. මේ රටේ පවතින නීතියට පටහැනිව යම් හමුදා නිලධාරියකු කටයුතු කර තිබුණා නම් ඔවුන්ට එරෙහිව දැනට පවතින අධිකරණ පද්ධතියෙන් නඩු අසා, දඬුවම් ලබාදී තිබෙනවා. එසේ තිබියදී අතුරුදහන් වූවන් පිළිබඳ නඩු ඇසීමට විශේෂිත අධිකරණයක් පිහිටුවන්නේ ඇයි? ජිනීවා න්‍යාය පත්‍රය අනුව හදන පළමු යුද අපරාධ අධිකරණය තමයි මේ. මේ පනතින් අතුරුදහන් වීම් පිළිබඳ සෙවීමට පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට බලපෑම් කිරීමට ජාත්‍යන්තර කමිටුවකට බලය ලැබෙනවා. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නමින් පිහිටු වූ අර්ධ අධිකරණමය බලය සහිත ආයතනයටත් බලපෑම් කිරීමට මෙම ජාත්‍යන්තර කමිටුවට හැකි වෙනවා. රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මෙමගින් ජාත්‍යන්තර හස්තයකට ඉඩකඩ ලැබෙනවා. ‘රණවිරුවන්ට විදේශ අධිකරණවල නඩු’ ඒ වගේම මේ පනත් කෙටුම්පත සම්මත වූවාට පසු බොරු සාක්ෂි මත පදනම්ව අපේ හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල අධිකරණයන්හි නඩු පැවරීමේ හැකියාව ද ලැබෙනවා. අපේ රටේ හමුදා නිලධාරියකු චූදිතයකු කොට විදේශ රටක අධිකරණයක නඩු පැවරූ විට මේ පනත අනුව අපි බැඳී සිටිනවා එම විදේශ රටේ ඉල්ලීමට අනුව ඒ චූදිත හමුදා නිලධාරියා අදාළ රටේ අධිකරණය වෙත භාර දීමට. ඒ අනුව පෙනෙනවා, ‘මේක මොන තරම් දරුණු පාවාදීමක්ද?’ කියා. ඒ වගේම ඔබ දන්නවා, ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර නැහැ කියා. නමුත් මේ පනත අනුව, ඉහත කී යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (රෝම ප්‍රඥප්තියට) අත්සන් කළ රටක අපේ හමුදා නිලධාරියකු සංචාරයක යෙදී සිටියොත් ඔහුට ව්‍යාජ සාක්ෂි මත චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගෙන නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට ද ඉඩකඩ විවර වෙනවා. ‘මේක දේශද්‍රෝහී පනතක්’ කල්පනා කරලා බලන්න, ‘මේ ජාත්‍යන්තර සම්මුති පනතින් කුමක්ද වෙන්නේ?’ කියා. දෙමළ ඩයස්පෝරාව සතුව තිබෙනවා,‘කොටි පැරදවීමේ සටනේදී ඉතාමත් වික්‍රමාන්විතව සටන් වැදුණු යුද හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයක්.’ දැන් මේ නාම ලේඛනයේ සඳහන් නිලධාරීන්ට විරුද්ධව බොරු සාක්ෂි හදලා නඩු පැවරීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමෙන් බොරු සාක්ෂි හදනවා. මේ පනතින් හදන විශේෂ අධිකරණයෙන් නඩු අහනවා. ඒ නිසා මේක දේශද්‍රෝහී පනතක්. මෙවැනි පනතක් සම්මත කරන ආණ්ඩුවක රටට අබමල් රොනක හෝ ආදරයක් තිබෙන මිනිසකුට ඉන්න යුතුකමක් නැහැ. සමහරු කියනවා, ‘මේක අද විවාදයට නොගෙන කල් දමනවා’ කියලා. තාවකාලිකව මේ දේශද්‍රෝහී පනත් කෙටුම්පත සම්මත කිරීම කල් දැම්මට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ පනත සම්පූර්ණයෙන් හකුළා ගත යුතුයි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ විශේෂ ප්‍රකාශයෙත් මේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් වූවා. උන්වහන්සේලා ‘මේ ද්‍රෝහී පනත හකුළා ගන්න’ කියන දැනුම් දීමත් එමගින් සිදු කළා. ආණ්ඩුව මේ පනත හකුළා නොගත්තොත් එමගින් පෙනෙන්නේ ඔවුන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයටවත් ඇහුම්කන් දෙන්නේ නැති බවයි. ඒ වගේම අපි මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය හැටියට, ‘රටත්, ජනතාවත් මුහුණ දී ඇති අනතුර අවබෝධ කොට ගෙන, ඒ පිළිබඳව ඉතා ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට, ආණ්ඩුවට අවශ්‍ය බලපෑම සිදු කිරීමට ක්‍රියාත්මක වීම පිළිබඳව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ ජාතිය මුහුණ දී ඇති අනතුර මැනවින් අවබෝධ කොට ගෙන ඉතාමත් ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂය සිය ප්‍රණාමය පුදකර සිටින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “තවමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ තිබෙන්නේ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හා ඊට අදාළ නීතිය’ බලාත්මක කරන පනත් කෙටුම්පතයි. මොන කරුණු කීවත් විදේශ අමාත්‍යවරයා මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූවෙත්, ජිනීවාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලියට අත ඔසවා සම අනුග්‍රාහකයකු වූවෙත් මේ රටේ යුද ජයග්‍රහණය දිනා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමට බව ඉතා පැහැදිලියි. මෙම පනත තමයි දේශීය වශයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත. ‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’ මෙමගින් යුද සමයේ සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට දැනට සේවයේ යෙදී සිටින සියලුම හමුදා නිලධාරීන්ට ඉතාම අන්තරාදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ යුද අපරාධයක් ලෙස ගැනෙන කාරණයක්. මේ පනත මගින් ඉහත කී ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළාම ‘පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම’ කියන කාරණයට අදාළව නඩු විභාග කරලා තීන්දු දෙන්න වෙනම උසාවියක් පිහිටුවනවා. ඒ උසාවියට බලය තිබෙනවා, කවුරුන් හෝ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමකට චෝදනා ලබන හමුදා නිලධාරියා පමණක් නොවෙයි, අණ දෙන නිලධාරියා දක්වා වරදකරුවන් කොට දඬුවම් දීමට. ඒ අනුව මේක යුද අපරාධ අධිකරණයක් මිස වෙන කුමක්ද? 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබූ විනාශකාරී යුද්ධය අවසන් කරපු එකට මල්මාලා දානවා වෙනුවට මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටයි. මේ පනතින් හැදෙන්නේ ඒ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන උසාවියයි. ‘සාක්‍ෂි ආඥා පනත අදාළ නැහැ’ ඒ වගේම ඔබ දන්නවා, මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ පනත අනුව සාක්‍ෂිකරුවන් ගෙන්වීමට අවශ්‍ය නැහැ. නොදන්නා සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් අධිකරණයට පිළිගත හැකියි. මේ ජාත්‍යන්තර සම්මුති පනත අනුව පිහිටුවනු ලබන අධිකරණයටත් සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්‍ෂිකරුවන් කවුදැයි නොදැන අතුරුදහන්වීම්වලට සාක්ෂි සොයනවා. ඒ සාක්ෂි මත පදනම්ව, මේ පනතින් හදන අධිකරණයෙන් නඩුව අහනවා. මේ රටේ පවතින නීතියට පටහැනිව යම් හමුදා නිලධාරියකු කටයුතු කර තිබුණා නම් ඔවුන්ට එරෙහිව දැනට පවතින අධිකරණ පද්ධතියෙන් නඩු අසා, දඬුවම් ලබාදී තිබෙනවා. එසේ තිබියදී අතුරුදහන් වූවන් පිළිබඳ නඩු ඇසීමට විශේෂිත අධිකරණයක් පිහිටුවන්නේ ඇයි? ජිනීවා න්‍යාය පත්‍රය අනුව හදන පළමු යුද අපරාධ අධිකරණය තමයි මේ. මේ පනතින් අතුරුදහන් වීම් පිළිබඳ සෙවීමට පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට බලපෑම් කිරීමට ජාත්‍යන්තර කමිටුවකට බලය ලැබෙනවා. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නමින් පිහිටු වූ අර්ධ අධිකරණමය බලය සහිත ආයතනයටත් බලපෑම් කිරීමට මෙම ජාත්‍යන්තර කමිටුවට හැකි වෙනවා. රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මෙමගින් ජාත්‍යන්තර හස්තයකට ඉඩකඩ ලැබෙනවා. ‘රණවිරුවන්ට විදේශ අධිකරණවල නඩු’ ඒ වගේම මේ පනත් කෙටුම්පත සම්මත වූවාට පසු බොරු සාක්ෂි මත පදනම්ව අපේ හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල අධිකරණයන්හි නඩු පැවරීමේ හැකියාව ද ලැබෙනවා. අපේ රටේ හමුදා නිලධාරියකු චූදිතයකු කොට විදේශ රටක අධිකරණයක නඩු පැවරූ විට මේ පනත අනුව අපි බැඳී සිටිනවා එම විදේශ රටේ ඉල්ලීමට අනුව ඒ චූදිත හමුදා නිලධාරියා අදාළ රටේ අධිකරණය වෙත භාර දීමට. ඒ අනුව පෙනෙනවා, ‘මේක මොන තරම් දරුණු පාවාදීමක්ද?’ කියා. ඒ වගේම ඔබ දන්නවා, ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර නැහැ කියා. නමුත් මේ පනත අනුව, ඉහත කී යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (රෝම ප්‍රඥප්තියට) අත්සන් කළ රටක අපේ හමුදා නිලධාරියකු සංචාරයක යෙදී සිටියොත් ඔහුට ව්‍යාජ සාක්ෂි මත චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගෙන නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට ද ඉඩකඩ විවර වෙනවා. ‘මේක දේශද්‍රෝහී පනතක්’ කල්පනා කරලා බලන්න, ‘මේ ජාත්‍යන්තර සම්මුති පනතින් කුමක්ද වෙන්නේ?’ කියා. දෙමළ ඩයස්පෝරාව සතුව තිබෙනවා,‘කොටි පැරදවීමේ සටනේදී ඉතාමත් වික්‍රමාන්විතව සටන් වැදුණු යුද හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයක්.’ දැන් මේ නාම ලේඛනයේ සඳහන් නිලධාරීන්ට විරුද්ධව බොරු සාක්ෂි හදලා නඩු පැවරීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමෙන් බොරු සාක්ෂි හදනවා. මේ පනතින් හදන විශේෂ අධිකරණයෙන් නඩු අහනවා. ඒ නිසා මේක දේශද්‍රෝහී පනතක්. මෙවැනි පනතක් සම්මත කරන ආණ්ඩුවක රටට අබමල් රොනක හෝ ආදරයක් තිබෙන මිනිසකුට ඉන්න යුතුකමක් නැහැ. සමහරු කියනවා, ‘මේක අද විවාදයට නොගෙන කල් දමනවා’ කියලා. තාවකාලිකව මේ දේශද්‍රෝහී පනත් කෙටුම්පත සම්මත කිරීම කල් දැම්මට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ පනත සම්පූර්ණයෙන් හකුළා ගත යුතුයි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ විශේෂ ප්‍රකාශයෙත් මේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් වූවා. උන්වහන්සේලා ‘මේ ද්‍රෝහී පනත හකුළා ගන්න’ කියන දැනුම් දීමත් එමගින් සිදු කළා. ආණ්ඩුව මේ පනත හකුළා නොගත්තොත් එමගින් පෙනෙන්නේ ඔවුන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයටවත් ඇහුම්කන් දෙන්නේ නැති බවයි. ඒ වගේම අපි මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය හැටියට, ‘රටත්, ජනතාවත් මුහුණ දී ඇති අනතුර අවබෝධ කොට ගෙන, ඒ පිළිබඳව ඉතා ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට, ආණ්ඩුවට අවශ්‍ය බලපෑම සිදු කිරීමට ක්‍රියාත්මක වීම පිළිබඳව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ

Wednesday, June 28, 2017

මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. ඇමති රණවක පාච කියනවාට කැමතියි පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ පා ච රණවක ඇමතිතුමාගේ අඳ බාල ගෝල බාලයින් දෙදෙනෙකු පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක්. ඒ නිසා පා ච රණවක කියනවාට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා. පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක නම් තමයි. නමුත් ඒ නම් දෙකේ මුල් අකුරු එක්කලාම පාච වෙන එකත් ඇත්තයි. වෙනත් වචනයක් ගමුකෝ. බිහි කියන්නේ ආරම්භය නැතිනම් ඇතුළුවීම කියන අරුත. සුණු කියන්නේ හුණු වලට. නමුත් ඒ දෙක එකතු වුණාම භයානක කියන අර්ථය දෙන බිහිසුණු හැදෙනවා. මේකත් ඒ වගේ තමා. ගෝලයෝ විරුද්ධ වුණාට රණවක ඇමතිතුමාට නම් පාච කියනවාට එතුමා විරුද්ධ නෑ. එතුමාට විරුද්ධ වෙන්නත් බෑ. සිංහලකම ගැන දීර්ඝ කාලයක් කතා කරපු කෙනෙකු විධියට තමන්ගේ නම සිංහලෙන් කියනවාට විරුද්ධ වෙන්නේ කොහොමද? දිමු ජයරත්න විජමු ලොකු බණ්ඩාර රැ තෙන්නකෝන් දමු දසනායක රමු රත්නායක වගේ පාඨලී චම්පික රණවක ඇමතිතුමාගේ නම සිංහලෙන් කියන්නේ පාච රණවක කියලා තමයි. එතුමන් තමන්ගේ නම සිංහලෙන් කියනවට විරුද්ධයි කියලා අපට ඉංග්‍රිසියෙන් කියන්නත් බෑනේ. එතකොට එන්නේ පීසී රණවක. කොස්තාපල් රණවක. හරියට කොස්තාපල් පුඤ්ඤසෝම වගේ. එතුමන්ට එහෙම කියන්න දෙන්න බෑ . එතුමන් ඉංජිනේරු විභාගය කරපු කෙනෙක්. ඒ නිසා අපි, එතුමත් කැමති සිංහල කමට බර පාච රණවක ඇමතිතුමන් විදිහටයි හදුන්වන්නේ. මම පාවිච්චි කරන්නේ එතුමාගේ උප්පැන්නේ තිබෙන නමනෙ. ඒකට ආසා නැති නම් කරන්න තිබෙන්නේ පුවත්පත් දැන්වීමකින් උතුම් වූ ලංකාණ්ඩුවටත් ලක්වැසි සැමටත් දැනුම් දීලා නම මාරු කරන එකයි. මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා රණවක ඇමතිතුමාගේ ගෝල බාලයෝ මට චර පුරුෂයෙකු කියලා තිබුණානෙ. ඒ නිසා තවත් රහස් දෙකක් එළියට දාන්න මට සිදු වෙනවා. 1998 දී බුද්ධි අංශ නිලධාරියෙකු ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයට බැඳුනා. එයා රණවක ඇමතිතුමාට ඉතාම සමීප වෙලා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙන්ම ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ඉහළම තනතුරකට ද පත් වුණා. 1998 දි තමන් ලගට එන මේ පුද්ගලයා 2015 වසර වන තුරු බුද්ධි නිලධාරියෙකු බව හඳුනා ගන්න ඇමතිතුමාට බැරි වුණා. ආණ්ඩුවේ නිල චර පුරුෂයෙකු ඇමතිතුමාගේ ලඟම ඉන්නා විට මම මොකට ද ඔත්තු බලන්නේ? සියල්ලටම වඩා වැදගත් රහසක් මම හෙලි කරන්නම්. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කලේ 2014 නොවැම්බර් 22 දා. නමුත් නොවැම්බර් 12 දා, ඒ කියන්නේ ඊට දින දහයකට කලින් මා ඒ බව දැන ගත්තා. නොවැම්බර් 12 දා උදෑසන මගේ කාර්යාලයට වැඩිය රතන හාමුදුරුවෝ සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙන්න එකඟ වුණ බව පැවසුවා. උන් වහන්සේත් මමත් සමීප මිත්‍රයින් නිසා උන් වහන්සේගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරයට මගේ සහය බලාපොරොත්තු වුණු නිසා ඒක කිව්වේ. අපේක්ෂකත්වයේ රහස කාටවත් නොකියන බවට උන් වහන්සේට පොරොන්දු වුණු නිසා කාටවත්ම කිව්වේ නෑ. මම රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මේක නෙවෙයිද? අතුරලියේ රතන හිමිගෙන් ඇහුවනම් මේ කාරණයේ ඇත්ත නැත්ත මේක නෙවෙයිද? එදා මාධ්‍ය හමුව පැවැත්වූ ගෝල බාලයින් මේ රහස් දෙකම දැන ගන්නේ අද රෑ විද්‍යුත් මාධ්‍ය වලින්. එතෙක් ඒ අය දන්නේ නැහැ. පක්ෂයේ වැදගත් සාකච්ඡා වලට කිසිම දිනක සහභාගි නොවුණු ගෝල බාලයින්ට මා පිලිතුරු දෙන්න අකැමැති ඔවුන් පක්ෂය ගැන දන්නේ නැති නිසා. නමුත් ගරු රණවක ඇමතිතුමන් සංවාදයකට එනවානම් මේ ඕනෑම කාරණයක් පිළිබදව අපි ලෑස්ති කතා කරන්න. ඒ වගේම මට පිළිතුරු දෙන බව කියමින් මේ මාධ්‍ය හමුව පැවැත්තුවාට 2004 පසු රණවක ඇමතිතුමන් ඥාණසාර හිමියන් සමග කිසිදු සම්බන්ධයක් තිබ්බේ නෑ කියන ප්‍රකාශයට මම පිලිතුරු දෙමින් අවස්ථා පහක් හෙළි කරා චම්පික අමාත්‍යතුමන් ඥාණසාර හිමියන් සමග සමීප සබදතා පවත්වපු. නමුත් ඒ එකක්වත් ප්‍රතික්ෂේප කිරීමක් ඒ මාධ්‍ය හමුවේදී සිදුවුනේ නෑ. මා හෙළි කළ කරුණු නිහඩවම පිළිගැනීම ගැන මා ජාතික හෙළ උරුමයේ ගෝල බාලයන්ට මගේ ප්‍රණාමය පිරිනමනවා. – අරවින්ද අතුකෝරල

Monday, October 17, 2016

ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව

ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති සමානතා තුලනය කොට මනා නිරික්ෂණයකට එලබීම ශ්‍රී ලාංකික විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තවදුරත් ප්‍රමාද විය යුතු නැති බව මගේ දැඩි විශ්වාසයයි, යන්න ඇමරිකාවේ ප්‍රධාන සoඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල ප්‍රියනන්ද හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. උන්වහන්සේ එම නිවේදනය මගින් තවදුරත් පවසා සිටින්නේ “1972- 76 දක්වා කල්කටා විශ්වවිද්‍යාලයේ ව්ද්‍යාර්ථියෙකු ලෙස පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කල සමයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් වූ අතිගරු නෙලුවේ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුද්ගලික ලේකම් හිමි ලෙස කටයුතු කලෙමි. එවකට මහාබෝධි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කලේ අසල්වැසි කුඩා රාජ්‍යයක් වූ සිකිම් රාජ්‍ය පාලනය කල PALEN THOND NAMGGA රජතුමාය. එතුමා පොදු ජනතාව විසින් CHOGYAL යන නමින් හඳුන්වනු ලැබු අතර එකල එහි වාසය ජනතාව අතරින් 95% ගේ ආගම වූයේ බුද්ධාගමයි. එම වකවානුවේ ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සිකිම් රටට උදව් උපකාර කිරීමට දැඩි හින්දු භක්තියිකයින් වූ වෛද්‍යවරු , ඉoජිනේරුවරු ,ගුරුවරු ආදි ඉහළ වෘත්තීකයින් පිටත් කරනු ලැබිය, එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි. ඉන්දීය හමුදාව විසින් අරගල මැඩ පවත්වා එහි රජතුමා ද අත් අඩංගුවට ගත් අතර අවසානයේ සිදුවුයේ එම සාමකාමී කුඩා බුද්ධාගම රාජ්‍යය ඉන්දීයාවේ ප්‍රාන්තයක් බවට පත්විමයි. සාමකාමී සීකිම් රජතුමා සිය රාජකාරි කටයුතු සඳහා මහාබෝධියට පැමිණියේ හිරකරුවෙක් වශයෙනනි. ඒ දුටු මා හට ඇති වූයේ මහත් කණගාටුවකි”. උන්වහන්සේ එම ලිපිය මගින් තවදුරත් පවසා ඇත්තේ “අප හැමවිටම තිබ්බතය [ ටිබැටය] චීනය විසින් අල්ලා ගැනිම හෙලා දැකීමට නොපැකිලුනෙමු. එහෙත් සීකිම් රාජ්‍යය ඉන්දීයවා විසින් අල්ලා ගැනිම ගැන වචනයකුදු කථා නොකරනුයේ ඉන්දීයවා අපේ අසල්වැසි රට නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතුය යන්නයි.