Last Posts

Friday, May 23, 2014

ලෝකය ඇමරිකානු ආර්ථික බලාධිකාරය

ලෝකය ඇමරිකානු ආර්ථික බලාධිකාරයෙන් ඉවත් වෙමින් ඇතැයි හිටපු භාණ්ඩාගාර සහකාර ලේකම්වරයෙකු සහ දේශපාලන විශ්ලේෂකයකු වන පෝල් ක්‍රෙග් රොබට්ස් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ බටහිර ව්‍යාපාරිකයන් ගණනාවක් ශාන්ත පීටර්ස්බර්ග් ආර්ථික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත්තේ වොෂින්ටනයේ බලපෑම නිසා බවයි.
කෙසේවෙතත් එය හුදු සංකේතාත්මක විරෝධයක් මිස ඉන් බලපෑමක් නොවනු ඇති බව ඔහුගේ අදහසයි.
විශේෂයෙන්ම රුසියාව සමග සමීප සබඳතා ඇති ජර්මානු සහ ප‍්‍රංශ සමාගම් වලට රුසියාව තරහ කරගැනීමට අවශ්‍ය නොවනු ඇති බව රොබට්ස් පවසා ඇත.
රුසියාව සහ චීනය අතර බලශක්ති ගිවිසුම ඩොලර් පද්ධතියෙන් ඉවත්ව ඇතිකරගැනීම සමග ලෝකය නිර්-ඩොලර්කරණය වීම ආරම්භ වී ඇති බවද ඔහු පවසා තිබේ.
එයම නිර්-ඇමරිකානුකරණ ක‍්‍රියාවලියේම ආරම්භය වන බවත් බටහිර යාන්ත‍්‍රණයෙන් පීඩා විඳීම මත රුසියාව සහ චීනය වෙනම උපායමාර්ගික සන්ධානයක් ගොඩනගා ගනිමින් ඇති බවත් පෝල් ක්‍රෙග් රොබට්ස් විසින් දක්වා ඇත.
ඔහු පවසා ඇත්තේ මින් පෙර රුසියාවේ අවධානය යොමුවූයේ බටහිර පිළිගැනීමට ලක්වන්නේ කෙසේද යන දිශාව වෙත බවයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සාමාජිකත්වය ලැබෙන තුරු ඔවුන් වසර ගණනාවක් කල් මැරූ බවත් එය තමන්ට තේරුම් ගැනීමට නොහැකි හැසිරීමක් වූ බවත් රොබට්ස් පවසා තිබේ.

No comments:

Post a Comment