Last Posts
Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts
Saturday, September 16, 2017
විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය…
අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේ අද(15) දින ජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත යවන ලද ලිපිය…
අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව
මෙම මස 20 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 21 වැනිදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත්තේ අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ නීති බලාත්මක කෙරෙන පනත් කෙටුම්පත බවත් ඔබතුමන් දැනුම්වත්ව ඇතැයි සිතමු. එමෙන්ම, මෙම මස 21 වැනිදා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත” ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත. ඉදිරි සතිය තුළ ආණ්ඩුව විසින් ගනු ලැබ තිබෙන මෙම පියවර තුන පිළිබඳව අපගේ මතය ඔබතුමන් වෙත ඉදිරිපත් කිරීම වැදගත්වේ යැයි ජාතික නිදහස් පෙරමුණ තීරණය කරන ලදී. මෙම ලිපිය ඔබතුමන් වෙත ඉදිරිපත් කරනුයේ, අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ එම තීරණය ප්‍රකාරව ය.
අතිගරු ජනාධිපතිතුමනි,
1) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනුයේ පළාත් සභාවන් 03ක මැතිවරණ කල් දැමීම හා ජනවරමකින් තොරව නීතියට පටහැනිව එම පළාත් සභාවන්හි ආයු කාලය දීර්ඝ කර ගැනීම ය. මෙය බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් බව කවරකුට වුව වැටහේ.
පළාත් සභා මැතිවරණ ජාතික මැතිවරණ නොවේ. පළාත් සභාව පිහිටුවන්නේ අදාළ පළාතේ ජනතාවගේ ඡන්දයෙනි. එබැවින් පළාත් 09ක මැතිවරණ එකම දිනයක පැවැත්වීමේ වැදගත්කමක් පෙන්වා පළාත් කිහිපයක ඡන්ද අවලංගු කර ජනවරමකින් තොරව දැනට පවත්නා පළාත් සභා ආයු කාලය දීර්ඝ කිරීම මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑමකි. මේ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කිරීමේ පියවර අවලංගු කරන මෙන් අපි ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
2) අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීම
මේ වන විට ද විවිධ හේතු මත අතුරුදහන්වීම් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමට අදාළ ගැසට් නිවේදනයට ඔබතුමන් විසින් අනුමැතිය ලබා දී තිබේ. එම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසුව බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීම සඳහා දායක වූ ඕනෑම හමුදා නිලධාරියකුට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කොට දේශීයව හා ජාත්‍යන්තරව චූදිතයකු බවට පත් කළ හැකි ය. මෙම කාර්යාලයට සාක්‍ෂි ආඥා පනත අදාළ නොවන බවත් රණවිරුවන් ව්‍යාජ චූදිතයන් බවට පෙරළීමේ ඔවුන්ගේ කාර්යය කිසිම අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි බවත් මෙහිලා සිහිපත් කිරීම වැදගත් ය.
මෙම 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ එබදු තත්වයක් දැනටම ඇති වී තිබෙන පරිසරයක් තුළ ය.
අතිගරු ජනාධිපතිතුමනි,
ඔබතුමන් විසින් දැනටම අනුමැතිය ලබා දී ඇති අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් යුද සමයේ සිදුවීම් මුල්කර ගෙන ව්‍යාජ චෝදනා මත චූදිතයකු බවට පත් කෙරෙන හමුදා නිලධාරියකුට, දෙවන පනත මගින් පිහිටුවීමට නියමිත දේශීය යුද අපරාධ අධිකරණය ( විශේෂ මහාධිකරණය ) මගින් දඩුවම් කළ හැකි ය. එසේම, අදාළ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති සම්මුති රාජ්‍යයකින් ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක ප්‍රශ්න කිරීමකින් තොරව එම චූුදිත නිලධාරියා ඉල්ලා සිටින රටට පිටුවහල් කිරීමට ද සිදු වේ.
දැනටමත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් එම රටවල අධිකරණ හමුවේ පැමිණිලි කර තිබේ. එමෙන්ම එම පැමිණිලි විභාග කිරීමට ද නියමිතව තිබේ. 21 වැනිදා අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත්, අදාළ ලතින් ඇමෙරිකානු රටවල් (ඒවා ද මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල් නම් ) ඉල්ලා සිටින විට ජෙනරාල් ජගත් ජයසූරිය එම රටවල් වෙත පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය නෛතිකව බැඳී සිටී. සැබවින්ම, මෙය ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධව පමණක් නොව යුද්ධයේදී මූලිකත්වය ගෙන කැප වූ සියලු රණවිරුවන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇති අවාසනාවන්ත ඉරණමකි.
ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කොට නැතත්, අපේ රණවිරුවන් චූදිතයන් බවට පත්කර නඩු විභාගයක් අරඹනු ලබන විදේශීය රට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන රටක් නම්, තමන් බාරයට පත් කරනු ලබන ශ්‍රී ලංකා හමුදාවන්හි රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට පැමිණවීමට ද මෙමගින් පාර කපා දී තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයා මෙම පනත අතීතයට බල නොපාන බව පැවසුව ද එබඳු සඳහනක් මෙම පනතේ කිසිම තැනක සඳහන් කර නැත. එමෙන්ම නීති විශාරදයන් දැනටමත් පෙන්වා දී ඇත්තේ මෙම පනත අතීතයට බලනොපාන බව පැවසීම පිළිගත නොහැකි බව ය.
21 වනදා සම්මත කර ගැනීමට නියමිත මේ පනතත්, දැනටම වැඩ අරඹා තිබෙන අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලය පිහිටුවිමේ පනත ද එකට ගෙන සලකා බැලූ විට, අපමණ කැපකිරීම් සිදුකර රටට සාමය දිනා දුන් රණවිරුවන් පාවා දෙනු ලබන අන්දම විශ්වාස කිරීමට තරම් අසීරු ය.
ලෝකයේ රටවල් 54ක් හැර සෙසු රටවල් විසින් අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය මෙන්ම ඉන්දියාව ද ඒ අතර වේ. එබඳු තත්වයක් යටතේ, රට බේරා ගත් රණවිරුවන් බිලි දෙන මෙම ප්‍රඥප්තිය අප රට තුළ නීතියක් බවට පත් කිරීම නොකළ යුතු ය. 21 වන දා පාර්ලිමේන්තුව තුළ එය නීතියක් බවට පත්කර ගනු ලැබුවහොත් මෙරට ත්‍රිවිද හමුදාව පාවා දුන් දිනය බවට එම දිනය ඉතිහාසයේ සටහන් වනු ඇත. එම අපකීර්තිය ඔබතුමන් වෙත ද එල්ල වනු වැළැක්වීම අසීරු ය.
3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත
අතිගරු ජනාධිපතිතුමනි,
ඉහත දක්වන ලද කෙටුම්පත මෙම 21 වනදා ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එම කෙටුම්පත එම මණ්ඩලය තුළ විවාද කර අනුමත කරන ලද හොත් අමාත්‍ය මණ්ඩලය තුළ අනුමැතිය ද ලැබී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් බවට පත්ව නැවත එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.
මෙම කෙටුම්පත අප හොඳින් අධ්‍යයනය කරනු ලැබුවෙමු. ශ්‍රී ලංකාව පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම මෙය මූලික නීතිය බවට පත් කරන ලදහොත් සිදුුවනු නියත ය. ඉඩම්, පොලිස්, පරිපාලන ආදී සියලු බලතල හිමි වන්නේ පළාත් සභාවට ය. ශ්‍රී ලංකාව ආණ්ඩු 9ක් ක්‍රියාත්මක වන රටක් බවට පත් කිරීම මෙමඟින් සිදු කෙරේ. දෙමළ ඊළාම් බෙදුම්වාදයට දීර්ඝ කාලයක සිට ඇති වී තිබූ පිපාසාව මෙයයි. රාජ්‍යයේ ඒකීයභාවය වනසා දමා, ෆෙඩරල් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමෙන් පසු තවත් එක් පියවරකින් දෙමළ ඊළම නිර්මාණය කර ගැනීමට දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයනට හැකියාව තිබේ.
එබැවින් මේ සියලු කරුණු සලකා බලා
1) ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම නවතන ලෙසත්
2) රණවිරුවන් සාමූහිකව පාවා දෙන අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමෙන් වළකින ලෙසත්
3) ශ්‍රී ලංකාව කැබලිකරණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව හා එය ශ්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කිරීමේ මෙහෙයුම නතර කරන ලෙසත්
අපි ඉතා ගෞරවයෙන් ඔබතුමන් වෙතින් ඉල්ලා සිටිමු.
ප්‍රතිපත්තිමය වශයෙන් අප අතර දේශපාලන විවාද තිබිය හැකි වුව ද මාතෘභූමියේ ආරක්‍ෂාව හා පැවැත්ම සම්බන්ධයෙන් අප අතර විවාදයක් තිබිය නොහැකි ය. එබැවින් රාජ්‍ය නායකයා වශයෙන් ඔබතුමන් මෙම කරුණු කෙරෙහි බරපතළ අවධානය යොමු කරනු ඇති බවත් අවශ්‍යවේ නම්, මේ පිළිබඳව ඔබතුමන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමට වුව මාතෘභූමියේ නාමයෙන් අපි සූදානම් බවත් දන්වා සිටිමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම)
සභාපති,
ජාතික නිදහස් පෙරමුණ
දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,
2017 සැප්තැම්බර් 15
13,297 Viewers
Friday, July 7, 2017
‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද
එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු..’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මෙසේ පැවසුවේ මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල අෘණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනුෟ’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන.
‘රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි’
පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා.
මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ.
‘මේ ගහන්නේ කසාවතටයි’
මේ ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් තිබෙනවා. ඒකයි පිං කැටයටත් අත තිබ්බේ. බෞද්ධ සමාජයට අද මේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න හදනවා ‘හාමුදුරුවරු කියන්නේ සල්ලි එකතු කර ගෙන. ආත්මාර්ථකාමීව භූක්ති විඳින අය’ කියා. මේ ගහන්නේ කසාවතට මේ ගහන්නේ මහා සංඝරත්නයත් මේ රටේ බෞද්ධ ජනතාවත් අතර පවතින මහා ඓතිහාසික බැදීමට, මේ ගහන්නේ මේ රටේ සභ්‍යත්වයේ මුදුන් මුලට.
අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට ටිකට සීල් තියලා මේ ආණ්ඩුව හදන ප්‍රවෘත්තිය තමයි ‘මේ විහාරයට පුදුමාකාර ආදායමක් ලැබේ’ කියන එක. ඒකෙන් හදන මතය තමයි ‘හාමුදුරුවන්ට දැන් සල්ලි තියෙනවා. දානේ දෙන්න ඕනෙ නැහැ. ඒ නිසා ගිහියාත් දැන් පන්සලෙන් කීයක් හරි ඉල්ලා ගත යුතුයි’ කියා. මේ රටේ තිබෙන බෞද්ධ සභ්‍යත්වය අන්‍ය ජාතිකයන්ගේ අනන්‍යතාව රැක්කා, ඔවුන් සහෝදරාත්මකව පිළි ගත්තා. එදා දළදා හාමුදුරුවන් වැඩ සිටින භූමිය ඉදිරියේ බි්‍රතාන්‍ය පාලකයන් පල්ලිය හැදුවා. නමුත් බි්‍රතාන්‍ය පාලකයන් ගියාට පසු ඒක කඩා දැමීමට කවුරුත් ගියේ නැහැ. ඒ තමයි මේ සභ්‍යත්වයේ තිබෙන වැදගත්කම. එය සියල්ල ඉවසා වදාරන සභ්‍යත්වයක්. ඒ මුදුන් මුලටයි මේ ගහන්නේ.
මේ පරගැති. සල්ලාල නිවට ආණ්ඩුව අද මේ රටේ මර්මස්ථානවලටයි පහර ගහන්නේ. ආර්ථිකය කෙලෙසනවා. රාජ්‍යයේ ඒකීයභාවය කෙලෙසනවා. රට දෙපලු කිරීමේ දිසාවට රැගෙන යනවා. ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය කරට අරන් ඉදිරියට ගෙන යනවා. මේ මව් පොළොව රක්නා සභ්‍යත්වයේ මුදුන් මුලට ගහනවා. ‘මේ සියල්ල ඉවසා ගෙන සිටිනවාද? නැතිනම් මේ පරගැති රූකඩ ආණ්ඩුව සතු බලය නිවැරදි ජනතා බලවේගයක් අතට පත් කරනවාද?’ කියන ප්‍රශ්නයයි අද අප ඉදිරියේ තිබෙන්නේ.
මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරත් විජේසිංහ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු..’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ පැවසුවේ මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල අෘණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනුෟ’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන. ‘රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි’ පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා. මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ. ‘මේ ගහන්නේ කසාවතටයි’ මේ ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් තිබෙනවා. ඒකයි පිං කැටයටත් අත තිබ්බේ. බෞද්ධ සමාජයට අද මේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න හදනවා ‘හාමුදුරුවරු කියන්නේ සල්ලි එකතු කර ගෙන. ආත්මාර්ථකාමීව භූක්ති විඳින අය’ කියා. මේ ගහන්නේ කසාවතට මේ ගහන්නේ මහා සංඝරත්නයත් මේ රටේ බෞද්ධ ජනතාවත් අතර පවතින මහා ඓතිහාසික බැදීමට, මේ ගහන්නේ මේ රටේ සභ්‍යත්වයේ මුදුන් මුලට. අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට ටිකට සීල් තියලා මේ ආණ්ඩුව හදන ප්‍රවෘත්තිය තමයි ‘මේ විහාරයට පුදුමාකාර ආදායමක් ලැබේ’ කියන එක. ඒකෙන් හදන මතය තමයි ‘හාමුදුරුවන්ට දැන් සල්ලි තියෙනවා. දානේ දෙන්න ඕනෙ නැහැ. ඒ නිසා ගිහියාත් දැන් පන්සලෙන් කීයක් හරි ඉල්ලා ගත යුතුයි’ කියා. මේ රටේ තිබෙන බෞද්ධ සභ්‍යත්වය අන්‍ය ජාතිකයන්ගේ අනන්‍යතාව රැක්කා, ඔවුන් සහෝදරාත්මකව පිළි ගත්තා. එදා දළදා හාමුදුරුවන් වැඩ සිටින භූමිය ඉදිරියේ බි්‍රතාන්‍ය පාලකයන් පල්ලිය හැදුවා. නමුත් බි්‍රතාන්‍ය පාලකයන් ගියාට පසු ඒක කඩා දැමීමට කවුරුත් ගියේ නැහැ. ඒ තමයි මේ සභ්‍යත්වයේ තිබෙන වැදගත්කම. එය සියල්ල ඉවසා වදාරන සභ්‍යත්වයක්. ඒ මුදුන් මුලටයි මේ ගහන්නේ. මේ පරගැති. සල්ලාල නිවට ආණ්ඩුව අද මේ රටේ මර්මස්ථානවලටයි පහර ගහන්නේ. ආර්ථිකය කෙලෙසනවා. රාජ්‍යයේ ඒකීයභාවය කෙලෙසනවා. රට දෙපලු කිරීමේ දිසාවට රැගෙන යනවා. ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය කරට අරන් ඉදිරියට ගෙන යනවා. මේ මව් පොළොව රක්නා සභ්‍යත්වයේ මුදුන් මුලට ගහනවා. ‘මේ සියල්ල ඉවසා ගෙන සිටිනවාද? නැතිනම් මේ පරගැති රූකඩ ආණ්ඩුව සතු බලය නිවැරදි ජනතා බලවේගයක් අතට පත් කරනවාද?’ කියන ප්‍රශ්නයයි අද අප ඉදිරියේ තිබෙන්නේ. මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරත් විජේසිංහ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ. අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ
Thursday, July 6, 2017
‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’
ජාතිය මුහුණ දී ඇති අනතුර මැනවින් අවබෝධ කොට ගෙන ඉතාමත් ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂය සිය ප්‍රණාමය පුදකර සිටින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“තවමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ තිබෙන්නේ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හා ඊට අදාළ නීතිය’ බලාත්මක කරන පනත් කෙටුම්පතයි. මොන කරුණු කීවත් විදේශ අමාත්‍යවරයා මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූවෙත්, ජිනීවාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලියට අත ඔසවා සම අනුග්‍රාහකයකු වූවෙත් මේ රටේ යුද ජයග්‍රහණය දිනා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමට බව ඉතා පැහැදිලියි. මෙම පනත තමයි දේශීය වශයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත.
‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’
මෙමගින් යුද සමයේ සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට දැනට සේවයේ යෙදී සිටින සියලුම හමුදා නිලධාරීන්ට ඉතාම අන්තරාදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ යුද අපරාධයක් ලෙස ගැනෙන කාරණයක්. මේ පනත මගින් ඉහත කී ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළාම ‘පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම’ කියන කාරණයට අදාළව නඩු විභාග කරලා තීන්දු දෙන්න වෙනම උසාවියක් පිහිටුවනවා. ඒ උසාවියට බලය තිබෙනවා, කවුරුන් හෝ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමකට චෝදනා ලබන හමුදා නිලධාරියා පමණක් නොවෙයි, අණ දෙන නිලධාරියා දක්වා වරදකරුවන් කොට දඬුවම් දීමට. ඒ අනුව මේක යුද අපරාධ අධිකරණයක් මිස වෙන කුමක්ද? 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබූ විනාශකාරී යුද්ධය අවසන් කරපු එකට මල්මාලා දානවා වෙනුවට මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටයි. මේ පනතින් හැදෙන්නේ ඒ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන උසාවියයි.
‘සාක්‍ෂි ආඥා පනත අදාළ නැහැ’
ඒ වගේම ඔබ දන්නවා, මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ පනත අනුව සාක්‍ෂිකරුවන් ගෙන්වීමට අවශ්‍ය නැහැ. නොදන්නා සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් අධිකරණයට පිළිගත හැකියි. මේ ජාත්‍යන්තර සම්මුති පනත අනුව පිහිටුවනු ලබන අධිකරණයටත් සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්‍ෂිකරුවන් කවුදැයි නොදැන අතුරුදහන්වීම්වලට සාක්ෂි සොයනවා. ඒ සාක්ෂි මත පදනම්ව, මේ පනතින් හදන අධිකරණයෙන් නඩුව අහනවා.
මේ රටේ පවතින නීතියට පටහැනිව යම් හමුදා නිලධාරියකු කටයුතු කර තිබුණා නම් ඔවුන්ට එරෙහිව දැනට පවතින අධිකරණ පද්ධතියෙන් නඩු අසා, දඬුවම් ලබාදී තිබෙනවා. එසේ තිබියදී අතුරුදහන් වූවන් පිළිබඳ නඩු ඇසීමට විශේෂිත අධිකරණයක් පිහිටුවන්නේ ඇයි? ජිනීවා න්‍යාය පත්‍රය අනුව හදන පළමු යුද අපරාධ අධිකරණය තමයි මේ. මේ පනතින් අතුරුදහන් වීම් පිළිබඳ සෙවීමට පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට බලපෑම් කිරීමට ජාත්‍යන්තර කමිටුවකට බලය ලැබෙනවා. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නමින් පිහිටු වූ අර්ධ අධිකරණමය බලය සහිත ආයතනයටත් බලපෑම් කිරීමට මෙම ජාත්‍යන්තර කමිටුවට හැකි වෙනවා. රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මෙමගින් ජාත්‍යන්තර හස්තයකට ඉඩකඩ ලැබෙනවා.
‘රණවිරුවන්ට විදේශ අධිකරණවල නඩු’
ඒ වගේම මේ පනත් කෙටුම්පත සම්මත වූවාට පසු බොරු සාක්ෂි මත පදනම්ව අපේ හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල අධිකරණයන්හි නඩු පැවරීමේ හැකියාව ද ලැබෙනවා. අපේ රටේ හමුදා නිලධාරියකු චූදිතයකු කොට විදේශ රටක අධිකරණයක නඩු පැවරූ විට මේ පනත අනුව අපි බැඳී සිටිනවා එම විදේශ රටේ ඉල්ලීමට අනුව ඒ චූදිත හමුදා නිලධාරියා අදාළ රටේ අධිකරණය වෙත භාර දීමට. ඒ අනුව පෙනෙනවා, ‘මේක මොන තරම් දරුණු පාවාදීමක්ද?’ කියා. ඒ වගේම ඔබ දන්නවා, ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර නැහැ කියා. නමුත් මේ පනත අනුව, ඉහත කී යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (රෝම ප්‍රඥප්තියට) අත්සන් කළ රටක අපේ හමුදා නිලධාරියකු සංචාරයක යෙදී සිටියොත් ඔහුට ව්‍යාජ සාක්ෂි මත චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගෙන නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට ද ඉඩකඩ විවර වෙනවා.
‘මේක දේශද්‍රෝහී පනතක්’
කල්පනා කරලා බලන්න, ‘මේ ජාත්‍යන්තර සම්මුති පනතින් කුමක්ද වෙන්නේ?’ කියා. දෙමළ ඩයස්පෝරාව සතුව තිබෙනවා,‘කොටි පැරදවීමේ සටනේදී ඉතාමත් වික්‍රමාන්විතව සටන් වැදුණු යුද හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයක්.’ දැන් මේ නාම ලේඛනයේ සඳහන් නිලධාරීන්ට විරුද්ධව බොරු සාක්ෂි හදලා නඩු පැවරීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමෙන් බොරු සාක්ෂි හදනවා. මේ පනතින් හදන විශේෂ අධිකරණයෙන් නඩු අහනවා. ඒ නිසා මේක දේශද්‍රෝහී පනතක්. මෙවැනි පනතක් සම්මත කරන ආණ්ඩුවක රටට අබමල් රොනක හෝ ආදරයක් තිබෙන මිනිසකුට ඉන්න යුතුකමක් නැහැ. සමහරු කියනවා, ‘මේක අද විවාදයට නොගෙන කල් දමනවා’ කියලා. තාවකාලිකව මේ දේශද්‍රෝහී පනත් කෙටුම්පත සම්මත කිරීම කල් දැම්මට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ පනත සම්පූර්ණයෙන් හකුළා ගත යුතුයි.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ විශේෂ ප්‍රකාශයෙත් මේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් වූවා. උන්වහන්සේලා ‘මේ ද්‍රෝහී පනත හකුළා ගන්න’ කියන දැනුම් දීමත් එමගින් සිදු කළා. ආණ්ඩුව මේ පනත හකුළා නොගත්තොත් එමගින් පෙනෙන්නේ ඔවුන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයටවත් ඇහුම්කන් දෙන්නේ නැති බවයි.
ඒ වගේම අපි මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය හැටියට, ‘රටත්, ජනතාවත් මුහුණ දී ඇති අනතුර අවබෝධ කොට ගෙන, ඒ පිළිබඳව ඉතා ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට, ආණ්ඩුවට අවශ්‍ය බලපෑම සිදු කිරීමට ක්‍රියාත්මක වීම පිළිබඳව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ජාතිය මුහුණ දී ඇති අනතුර මැනවින් අවබෝධ කොට ගෙන ඉතාමත් ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට ඉදිරිපත් වූ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ඒකාබද්ධ විපක්‍ෂය සිය ප්‍රණාමය පුදකර සිටින බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “තවමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ තිබෙන්නේ ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හා ඊට අදාළ නීතිය’ බලාත්මක කරන පනත් කෙටුම්පතයි. මොන කරුණු කීවත් විදේශ අමාත්‍යවරයා මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූවෙත්, ජිනීවාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලියට අත ඔසවා සම අනුග්‍රාහකයකු වූවෙත් මේ රටේ යුද ජයග්‍රහණය දිනා දුන් සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් දඩයම් කිරීමට බව ඉතා පැහැදිලියි. මෙම පනත තමයි දේශීය වශයෙන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ පනත. ‘මල්මාලා වෙනුවට තොණ්ඩුව’ මෙමගින් යුද සමයේ සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට දැනට සේවයේ යෙදී සිටින සියලුම හමුදා නිලධාරීන්ට ඉතාම අන්තරාදායක ඉරණමකට මුහුණ දීමට සිදු වෙනවා. ජාත්‍යන්තර නීතිය අනුව පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කියන්නේ යුද අපරාධයක් ලෙස ගැනෙන කාරණයක්. මේ පනත මගින් ඉහත කී ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළාම ‘පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම’ කියන කාරණයට අදාළව නඩු විභාග කරලා තීන්දු දෙන්න වෙනම උසාවියක් පිහිටුවනවා. ඒ උසාවියට බලය තිබෙනවා, කවුරුන් හෝ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමකට චෝදනා ලබන හමුදා නිලධාරියා පමණක් නොවෙයි, අණ දෙන නිලධාරියා දක්වා වරදකරුවන් කොට දඬුවම් දීමට. ඒ අනුව මේක යුද අපරාධ අධිකරණයක් මිස වෙන කුමක්ද? 30 වසරක් තිස්සේ අපේ රට වෙළාගෙන තිබූ විනාශකාරී යුද්ධය අවසන් කරපු එකට මල්මාලා දානවා වෙනුවට මේ ආණ්ඩුව හදන්නේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමටයි. මේ පනතින් හැදෙන්නේ ඒ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දමන උසාවියයි. ‘සාක්‍ෂි ආඥා පනත අදාළ නැහැ’ ඒ වගේම ඔබ දන්නවා, මීට ඉහතදී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ පනත අනුව සාක්‍ෂිකරුවන් ගෙන්වීමට අවශ්‍ය නැහැ. නොදන්නා සාක්ෂිකරුවකුගේ සාක්ෂියක් අධිකරණයට පිළිගත හැකියි. මේ ජාත්‍යන්තර සම්මුති පනත අනුව පිහිටුවනු ලබන අධිකරණයටත් සාක්ෂි ආඥා පනත අදාළ වන්නේ නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්‍ෂිකරුවන් කවුදැයි නොදැන අතුරුදහන්වීම්වලට සාක්ෂි සොයනවා. ඒ සාක්ෂි මත පදනම්ව, මේ පනතින් හදන අධිකරණයෙන් නඩුව අහනවා. මේ රටේ පවතින නීතියට පටහැනිව යම් හමුදා නිලධාරියකු කටයුතු කර තිබුණා නම් ඔවුන්ට එරෙහිව දැනට පවතින අධිකරණ පද්ධතියෙන් නඩු අසා, දඬුවම් ලබාදී තිබෙනවා. එසේ තිබියදී අතුරුදහන් වූවන් පිළිබඳ නඩු ඇසීමට විශේෂිත අධිකරණයක් පිහිටුවන්නේ ඇයි? ජිනීවා න්‍යාය පත්‍රය අනුව හදන පළමු යුද අපරාධ අධිකරණය තමයි මේ. මේ පනතින් අතුරුදහන් වීම් පිළිබඳ සෙවීමට පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයකට බලපෑම් කිරීමට ජාත්‍යන්තර කමිටුවකට බලය ලැබෙනවා. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නමින් පිහිටු වූ අර්ධ අධිකරණමය බලය සහිත ආයතනයටත් බලපෑම් කිරීමට මෙම ජාත්‍යන්තර කමිටුවට හැකි වෙනවා. රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට මෙමගින් ජාත්‍යන්තර හස්තයකට ඉඩකඩ ලැබෙනවා. ‘රණවිරුවන්ට විදේශ අධිකරණවල නඩු’ ඒ වගේම මේ පනත් කෙටුම්පත සම්මත වූවාට පසු බොරු සාක්ෂි මත පදනම්ව අපේ හමුදා නිලධාරීන්ට එරෙහිව විදේශ රටවල අධිකරණයන්හි නඩු පැවරීමේ හැකියාව ද ලැබෙනවා. අපේ රටේ හමුදා නිලධාරියකු චූදිතයකු කොට විදේශ රටක අධිකරණයක නඩු පැවරූ විට මේ පනත අනුව අපි බැඳී සිටිනවා එම විදේශ රටේ ඉල්ලීමට අනුව ඒ චූදිත හමුදා නිලධාරියා අදාළ රටේ අධිකරණය වෙත භාර දීමට. ඒ අනුව පෙනෙනවා, ‘මේක මොන තරම් දරුණු පාවාදීමක්ද?’ කියා. ඒ වගේම ඔබ දන්නවා, ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර නැහැ කියා. නමුත් මේ පනත අනුව, ඉහත කී යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (රෝම ප්‍රඥප්තියට) අත්සන් කළ රටක අපේ හමුදා නිලධාරියකු සංචාරයක යෙදී සිටියොත් ඔහුට ව්‍යාජ සාක්ෂි මත චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගෙන නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට ද ඉඩකඩ විවර වෙනවා. ‘මේක දේශද්‍රෝහී පනතක්’ කල්පනා කරලා බලන්න, ‘මේ ජාත්‍යන්තර සම්මුති පනතින් කුමක්ද වෙන්නේ?’ කියා. දෙමළ ඩයස්පෝරාව සතුව තිබෙනවා,‘කොටි පැරදවීමේ සටනේදී ඉතාමත් වික්‍රමාන්විතව සටන් වැදුණු යුද හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනයක්.’ දැන් මේ නාම ලේඛනයේ සඳහන් නිලධාරීන්ට විරුද්ධව බොරු සාක්ෂි හදලා නඩු පැවරීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ අර්ධ අධිකරණ කොමිසමෙන් බොරු සාක්ෂි හදනවා. මේ පනතින් හදන විශේෂ අධිකරණයෙන් නඩු අහනවා. ඒ නිසා මේක දේශද්‍රෝහී පනතක්. මෙවැනි පනතක් සම්මත කරන ආණ්ඩුවක රටට අබමල් රොනක හෝ ආදරයක් තිබෙන මිනිසකුට ඉන්න යුතුකමක් නැහැ. සමහරු කියනවා, ‘මේක අද විවාදයට නොගෙන කල් දමනවා’ කියලා. තාවකාලිකව මේ දේශද්‍රෝහී පනත් කෙටුම්පත සම්මත කිරීම කල් දැම්මට ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ පනත සම්පූර්ණයෙන් හකුළා ගත යුතුයි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ විශේෂ ප්‍රකාශයෙත් මේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් වූවා. උන්වහන්සේලා ‘මේ ද්‍රෝහී පනත හකුළා ගන්න’ කියන දැනුම් දීමත් එමගින් සිදු කළා. ආණ්ඩුව මේ පනත හකුළා නොගත්තොත් එමගින් පෙනෙන්නේ ඔවුන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයටවත් ඇහුම්කන් දෙන්නේ නැති බවයි. ඒ වගේම අපි මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය හැටියට, ‘රටත්, ජනතාවත් මුහුණ දී ඇති අනතුර අවබෝධ කොට ගෙන, ඒ පිළිබඳව ඉතා ඉදිරිගාමීව ගිහි සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට, ආණ්ඩුවට අවශ්‍ය බලපෑම සිදු කිරීමට ක්‍රියාත්මක වීම පිළිබඳව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිනවා” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ
Wednesday, June 28, 2017
මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
ඇමති රණවක පාච කියනවාට කැමතියි
පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වූ පා ච රණවක ඇමතිතුමාගේ අඳ බාල ගෝල බාලයින් දෙදෙනෙකු පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක්. ඒ නිසා පා ච රණවක කියනවාට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා. පාඨලි සහ චම්පික කියන්නේ බෝ ගස් දෙකක නම් තමයි. නමුත් ඒ නම් දෙකේ මුල් අකුරු එක්කලාම පාච වෙන එකත් ඇත්තයි. වෙනත් වචනයක් ගමුකෝ. බිහි කියන්නේ ආරම්භය නැතිනම් ඇතුළුවීම කියන අරුත. සුණු කියන්නේ හුණු වලට. නමුත් ඒ දෙක එකතු වුණාම භයානක කියන අර්ථය දෙන බිහිසුණු හැදෙනවා. මේකත් ඒ වගේ තමා.
ගෝලයෝ විරුද්ධ වුණාට රණවක ඇමතිතුමාට නම් පාච කියනවාට එතුමා විරුද්ධ නෑ. එතුමාට විරුද්ධ වෙන්නත් බෑ. සිංහලකම ගැන දීර්ඝ කාලයක් කතා කරපු කෙනෙකු විධියට තමන්ගේ නම සිංහලෙන් කියනවාට විරුද්ධ වෙන්නේ කොහොමද? දිමු ජයරත්න විජමු ලොකු බණ්ඩාර රැ තෙන්නකෝන් දමු දසනායක රමු රත්නායක වගේ පාඨලී චම්පික රණවක ඇමතිතුමාගේ නම සිංහලෙන් කියන්නේ පාච රණවක කියලා තමයි. එතුමන් තමන්ගේ නම සිංහලෙන් කියනවට විරුද්ධයි කියලා අපට ඉංග්‍රිසියෙන් කියන්නත් බෑනේ. එතකොට එන්නේ පීසී රණවක. කොස්තාපල් රණවක. හරියට කොස්තාපල් පුඤ්ඤසෝම වගේ. එතුමන්ට එහෙම කියන්න දෙන්න බෑ . එතුමන් ඉංජිනේරු විභාගය කරපු කෙනෙක්. ඒ නිසා අපි, එතුමත් කැමති සිංහල කමට බර පාච රණවක ඇමතිතුමන් විදිහටයි හදුන්වන්නේ.
මම පාවිච්චි කරන්නේ එතුමාගේ උප්පැන්නේ තිබෙන නමනෙ. ඒකට ආසා නැති නම් කරන්න තිබෙන්නේ පුවත්පත් දැන්වීමකින් උතුම් වූ ලංකාණ්ඩුවටත් ලක්වැසි සැමටත් දැනුම් දීලා නම මාරු කරන එකයි.
මෛත්‍රී ජනපති අපේක්ෂක බව කලින් දැන සිටියා
රණවක ඇමතිතුමාගේ ගෝල බාලයෝ මට චර පුරුෂයෙකු කියලා තිබුණානෙ. ඒ නිසා තවත් රහස් දෙකක් එළියට දාන්න මට සිදු වෙනවා. 1998 දී බුද්ධි අංශ නිලධාරියෙකු ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයට බැඳුනා. එයා රණවක ඇමතිතුමාට ඉතාම සමීප වෙලා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙන්ම ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ඉහළම තනතුරකට ද පත් වුණා. 1998 දි තමන් ලගට එන මේ පුද්ගලයා 2015 වසර වන තුරු බුද්ධි නිලධාරියෙකු බව හඳුනා ගන්න ඇමතිතුමාට බැරි වුණා. ආණ්ඩුවේ නිල චර පුරුෂයෙකු ඇමතිතුමාගේ ලඟම ඉන්නා විට මම මොකට ද ඔත්තු බලන්නේ?
සියල්ලටම වඩා වැදගත් රහසක් මම හෙලි කරන්නම්. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමන් ජනාධිපති අපේක්ෂක බව ප්‍රකාශ කලේ 2014 නොවැම්බර් 22 දා. නමුත් නොවැම්බර් 12 දා, ඒ කියන්නේ ඊට දින දහයකට කලින් මා ඒ බව දැන ගත්තා. නොවැම්බර් 12 දා උදෑසන මගේ කාර්යාලයට වැඩිය රතන හාමුදුරුවෝ සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙන්න එකඟ වුණ බව පැවසුවා. උන් වහන්සේත් මමත් සමීප මිත්‍රයින් නිසා උන් වහන්සේගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරයට මගේ සහය බලාපොරොත්තු වුණු නිසා ඒක කිව්වේ. අපේක්ෂකත්වයේ රහස කාටවත් නොකියන බවට උන් වහන්සේට පොරොන්දු වුණු නිසා කාටවත්ම කිව්වේ නෑ. මම රාජපක්ෂ වරුන්ට ඔත්තු බැලුවා නම් රාජපක්ෂවරුන්ට සැපයිය යුතු හොදම ඔත්තුව මේක නෙවෙයිද? අතුරලියේ රතන හිමිගෙන් ඇහුවනම් මේ කාරණයේ ඇත්ත නැත්ත මේක නෙවෙයිද?
එදා මාධ්‍ය හමුව පැවැත්වූ ගෝල බාලයින් මේ රහස් දෙකම දැන ගන්නේ අද රෑ විද්‍යුත් මාධ්‍ය වලින්. එතෙක් ඒ අය දන්නේ නැහැ. පක්ෂයේ වැදගත් සාකච්ඡා වලට කිසිම දිනක සහභාගි නොවුණු ගෝල බාලයින්ට මා පිලිතුරු දෙන්න අකැමැති ඔවුන් පක්ෂය ගැන දන්නේ නැති නිසා. නමුත් ගරු රණවක ඇමතිතුමන් සංවාදයකට එනවානම් මේ ඕනෑම කාරණයක් පිළිබදව අපි ලෑස්ති කතා කරන්න.
ඒ වගේම මට පිළිතුරු දෙන බව කියමින් මේ මාධ්‍ය හමුව පැවැත්තුවාට 2004 පසු රණවක ඇමතිතුමන් ඥාණසාර හිමියන් සමග කිසිදු සම්බන්ධයක් තිබ්බේ නෑ කියන ප්‍රකාශයට මම පිලිතුරු දෙමින් අවස්ථා පහක් හෙළි කරා චම්පික අමාත්‍යතුමන් ඥාණසාර හිමියන් සමග සමීප සබදතා පවත්වපු. නමුත් ඒ එකක්වත් ප්‍රතික්ෂේප කිරීමක් ඒ මාධ්‍ය හමුවේදී සිදුවුනේ නෑ. මා හෙළි කළ කරුණු නිහඩවම පිළිගැනීම ගැන මා ජාතික හෙළ උරුමයේ ගෝල බාලයන්ට මගේ ප්‍රණාමය පිරිනමනවා.
– අරවින්ද අතුකෝරල
Monday, October 17, 2016
ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව
ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති සමානතා තුලනය කොට මනා නිරික්ෂණයකට එලබීම ශ්‍රී ලාංකික විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තවදුරත් ප්‍රමාද විය යුතු නැති බව මගේ දැඩි විශ්වාසයයි, යන්න ඇමරිකාවේ ප්‍රධාන සoඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල ප්‍රියනන්ද හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
උන්වහන්සේ එම නිවේදනය මගින් තවදුරත් පවසා සිටින්නේ “1972- 76 දක්වා කල්කටා විශ්වවිද්‍යාලයේ ව්ද්‍යාර්ථියෙකු ලෙස පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කල සමයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් වූ අතිගරු නෙලුවේ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුද්ගලික ලේකම් හිමි ලෙස කටයුතු කලෙමි. එවකට මහාබෝධි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කලේ අසල්වැසි කුඩා රාජ්‍යයක් වූ සිකිම් රාජ්‍ය පාලනය කල PALEN THOND NAMGGA රජතුමාය. එතුමා පොදු ජනතාව විසින් CHOGYAL යන නමින් හඳුන්වනු ලැබු අතර එකල එහි වාසය ජනතාව අතරින් 95% ගේ ආගම වූයේ බුද්ධාගමයි.
එම වකවානුවේ ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සිකිම් රටට උදව් උපකාර කිරීමට දැඩි හින්දු භක්තියිකයින් වූ වෛද්‍යවරු , ඉoජිනේරුවරු ,ගුරුවරු ආදි ඉහළ වෘත්තීකයින් පිටත් කරනු ලැබිය, එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි. ඉන්දීය හමුදාව විසින් අරගල මැඩ පවත්වා එහි රජතුමා ද අත් අඩංගුවට ගත් අතර අවසානයේ සිදුවුයේ එම සාමකාමී කුඩා බුද්ධාගම රාජ්‍යය ඉන්දීයාවේ ප්‍රාන්තයක් බවට පත්විමයි. සාමකාමී සීකිම් රජතුමා සිය රාජකාරි කටයුතු සඳහා මහාබෝධියට පැමිණියේ හිරකරුවෙක් වශයෙනනි. ඒ දුටු මා හට ඇති වූයේ මහත් කණගාටුවකි”.
උන්වහන්සේ එම ලිපිය මගින් තවදුරත් පවසා ඇත්තේ “අප හැමවිටම තිබ්බතය [ ටිබැටය] චීනය විසින් අල්ලා ගැනිම හෙලා දැකීමට නොපැකිලුනෙමු. එහෙත් සීකිම් රාජ්‍යය ඉන්දීයවා විසින් අල්ලා ගැනිම ගැන වචනයකුදු කථා නොකරනුයේ ඉන්දීයවා අපේ අසල්වැසි රට නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතුය යන්නයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇගේ ඉල්ලා අස්වීම පිලිගෙන ඇතැයිද වාර්තා පල වෙයි.
අල්ලස් කොමිසම CID, FCID යන ආයතක දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිවද එම කොමිසමටම පැමිණිලි කිහිපයක් යොමු කර තිබුණද ඒ ගැන පරීක්‍සණ වූ බවක් වාර්තා නොවීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇගේ ඉල්ලා අස්වීම පිලිගෙන ඇතැයිද වාර්තා පල වෙයි.
අල්ලස් කොමිසම CID, FCID යන ආයතක දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිවද එම කොමිසමටම පැමිණිලි කිහිපයක් යොමු කර තිබුණද ඒ ගැන පරීක්‍සණ වූ බවක් වාර්තා නොවීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇගේ ඉල්ලා අස්වීම පිලිගෙන ඇතැයිද වාර්තා පල වෙයි.
අල්ලස් කොමිසම CID, FCID යන ආයතක දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිවද එම කොමිසමටම පැමිණිලි කිහිපයක් යොමු කර තිබුණද ඒ ගැන පරීක්‍සණ වූ බවක් වාර්තා නොවීය.
Thursday, July 2, 2015
මයික්‍රෝ සමාගම නවතම ජීප් රථයක් නිෂ්පාදනය අද අරඹයි
දේශිය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මයික්‍රෝ හෝල්ඩින් පුද්ගලික සමාගම සිය විසිවැනි සංවත්සරය සමරමින් නවතම ජීප් රථයක් නිෂ්පාදනය කිරීම අද (30) ආරම්භ කරනවා. ඒ, පොල්ගහවෙල කර්මාන්තපුරයේ පිහිටි එම සමාගමේ නවතම කර්මාන්ත ශාලා පරිශ‍්‍රයේදියි. මෙය සිය සමාගමට මෙන්ම රටට ද සුවිශේෂි අවස්ථාවක් වන බවයි මයික්‍රෝ සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා සඳහන් කළේ. - See more at: http://nethfm.com/article/75454#sthash.DEF0Nkmk.dpuf
Thursday, June 25, 2015
එමිරේට්ස් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි
සිඩ්නි සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිඛෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඒ 380 වර්ගයේ ගුවන් යානයක් වන මෙය කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගොඩ බස්වා ඇති බවයි.
අලූයම 3.48 ට පමණ යානය මෙලෙස ගොඩබස්වා තිඛෙනවා.
එම අවස්ථාවේ එහි සිටි මගීන් සංඛ්‍යාව 510 ක්.
ඔවුන් මේ වනවිට ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි හෝටල් වෙත යොමුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
- See more at: http://nethfm.com/article/74900#sthash.CkGEsywG.dpuf
Tuesday, April 21, 2015
ඩයිනෝසෝර බිත්තර 43 ක්
චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර 43 ක් සොයාගැනීමට හැකිවිය.
හෙයුවාන් ප‍්‍රදේශයට අනන්‍ය රතු මැට්ටෙන් වැසී තිබුණු මෙම බිත්තර තොගය කිසිදු පැල්මක් හෝ සිරීමක් හෝ නොමැතිව ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බව සදහන්ය.
බිත්තර තොගය හමුවූ වහාම එක් සේවකයෙකු එය රැගෙන පලා යෑමට තැත් කර තිබෙන බවද සදහන් වේ.
පසුව හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුකාගාරයේ පර්යේෂකයින් පැමිණ මෙම බිත්තර පර්යේෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇත.මෙම බිත්තර කවර ජීවී විශේෂයකට අයත්දැයි මේ දක්වාම හෙළිවී නොමැත.
හෙයුවාන් ප‍්‍රදේශය ඩයිනෝසෝර බිත්තර වල උල්පතක් ලෙස සැළකෙන අතර හෙයුවාන් ඩයිනෝසෝර බිජු කෞතුගාකාරය ලොව විශාලතම ඩයිනෝසෝර බිජු එකතුව ඇති කෞතුකාගාරය ලෙසද සැළකේ.
Wednesday, April 1, 2015
තලෙයිමන්නාරම දක්වා දුම්රියක්
කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද (01දා) නැවත ආරම්භවිය.
තලෙයිමන්නාරම දක්වා දිවෙන දුම්රිය පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතය. තලෙයිමන්නාරම දක්වා දුම්රියක් ධාවනය කරන්නේ වසර 40ට පමණ පසුවය.
මෙයට සමගාමීව කොළඹ කොටුවේ සිට හෝමාගම දක්වාද දුම්රිය ධාවනය අද (01දා) ආරම්භ කළේය.
- See more at: http://www.ada.lk/
Thursday, March 12, 2015
පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගියේ නීත්‍යනුකූලවයි-හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම පිළිබඳව තමා අත්අඩංගුවට ගතයුතු බවට ප්‍රකාශ වී ඇතත්, එය පවත්වාගෙන ගියේ නීත්‍යනුකූල ආකාරයට බවත්, මේ නිසා ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බවට පෙරේදා (11දා) පැවැති ජාතික විධායක සභාවේදී ගෙන තිබෙන තීරණය පිළිබඳව %අද^ කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ හිටපු ආරක්ෂක ලේකම්වරා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“ඇවන්ට් ගාඩ් ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව සෑම වසරකදීම කෝප් කමිටුවට කරුණු වාර්තා කරලා තියෙනවා. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම නිසා මෙරටට විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම විශාල පිරිසකට රැකියා ලැබුණා. මේ සියලුම දේවල් සිදුකළේ නීත්‍යනුකුල ආකාරයටයි. ඒත් මට මඩ ගහන්න ඇවන්ට් ගාඩ් සිද්ධිය පදනම් කරගෙන විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා.
පවත්වන ඕනෑම පරීක්ෂණයකදී ඊට අදාළ තොරතුරු ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම මේ වගේ පාවෙන අවි ගබඩා පවත්වාගෙන යන්නෙ අපේ රට පමණක් නොවෙයි, මුහුදේ ඕනෑ තරම් පාවෙන අවි ගබඩා තියෙනවා* යැයිද සඳහන් කළේය. - See more at: http://www.ada.lk/
Tuesday, December 16, 2014
බොරතෙල් බැරලයක මිල
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.59 දක්වා අඩු වී ඇති බවත්, එය 2009 මැයි මාසයෙන් පසුව වාර්තා වන පහළම මිල බවත් පැවසෙයි.
ඇ.ඩො.60 සීමාවෙන් පහළට වැටුණු බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, ඇ.ඩො.58.5 දක්වා අඩුවී පසුව ඇ.ඩො.58.94 සීමාවේ නැවතී තිබේ.
පසුගිය ජූනි මාසයේ සිට දැඩි පහළ බැසීමකට ලක්වූ ලෝක බොරතෙල් මිල මේ වනවිට හරි අඩකින් පමණ පහළට පැමිණ ඇත.
මේ අතර ඇමෙරිකානු බොරතෙල් බැරලයක මිලද ඇ.ඩො.54.18 දක්වා අඩු වී තිබේ.
පාකිස්තානයේ පේෂාවර් ප්‍රහාරයක්
පාකිස්තානයේ පේෂාවර් නුවර හමුදා පාලනයේ පවතින පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් අඩුම තරමින් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය පාසල් සිසුන් බවත් වාර්තා වෙයි.
හමුදා ඇඳුම් ඇඳගත් තලේබාන් සටන්කාමීන් පහක් හෝ හයක් පාසලට ඇතුළු වී ඇති බවත්, වෙඩි තැබීම් හා බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඔවුන් මේ ම්ලේච්ඡ ක්‍රියාව සිදුකර ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.
හමුදාව පවසා සිටියේ පාසලේ සිටි තවත් සිසුන් 500ක් පමණ වහාම ඉවත් කිරීමට කටයුතු කළ බවයි. නමුත්, තවත් කොපමණ පිරිසක් ඔවුන් භාරයේ සිටින්නේ දැයි යන්න පැහැදිලි නොමැති බවත් වාර්තා වෙයි.
-
Monday, June 16, 2014
මලයාසියානු ගුවන් යානය වැටුණු ස්ථානය
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය මාර්තු 8 වන දා අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය වැටුණු ස්ථානය පිළිබඳව තමන්ට නුදුරේදීම හෝඩුවාවක් ඉදිරිපත් කළ හැකි බව බි‍්‍රතාන්‍ය ඉන්මාර්සැට් චන්ද්‍රිකා තාක්ෂණ සමාගම ප‍්‍රකාශ කළා. ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වන විට අත්හිටුවා ඇති නමුදු නෞකා මගින් ඉන්දීය සාගර පත්ල සිතියම්ගත කිරීම තවදුරටත් සිදුකෙරෙනවා. යළිත් ගුවන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමේදී ගුවන් යානය වැටුණු බවට බොහෝදුරට සැක කළ හැකි ප‍්‍රදේශ වෙත යා හැකි බව ඉන්මාර්සැට් ආයතනය සඳහන් කළා. යානයේ තරංග සංඛ්‍යාත පරීක්ෂාවලින් ඒ සඳහා හෝඩුවාවක් ලැබී ඇති බව ද එමගින් කියා සිටියා.
Friday, June 6, 2014
මැලේසියානු යානාව
මැලේසියානු යානාව අතුරුදන්වී දින 78 ක් ගතවී ඇත. නීජල් ක්‍රෝත්‍රෝස් නමැති ගත්කතුවරයා මෙතෙක් හෙළි නොවූ අභිරහස හෙළිකර තිබේ.
ඒ ඇමරිකානු හා තායි ගුවන් අභ්‍යාසවලදී වැරදීමකින් එකී යානාවට වෙඩි වැදී විනාශ වූ බවයි.
මේ නිසා එකී සිදුවීම වසන් කර ඇත. යානාව සෙවීම සඳහා පරීක්‌ෂණ කණ්‌ඩායම්වලට දී ඇත්තේ වැරදි තොරතුරුයි.
පසුගිය මාර්තු 8 දා මැලේසියානු යානාව අතුරුදන් විය. ඒ වනවිට ඇමරිකානු තායි ප්‍රහාරක යානා යුද අභ්‍යාසවල නිරතවී සිටියහ. දකුණු චීන මුහුදේ මෙම යුද අභ්‍යාස පැවැත්විණි.
ගිනිගන්නා යානාවක් මුහුදට කඩාවැටෙනු තමන් දුටු බව දකුණු චීන මුහුදේ තෙල් ළිඳක සේවය කළ ඉංජිනේරුවකු දුටුවේය.
මේ අවස්‌ථාව වනවිට යානාවේ පණිවුඩ උපකරණ අක්‍රීය වීය.
එහෙත් යානාව ගැන සෙවීමට විමර්ශන කණ්‌ඩායම් යවනු ලැබුවේ දකුණු චීන මුහුදට නොව ඉන්දීය සාගරයටය. නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ මේ හෙළිදරව්ව ගැන ඇමරිකානු හා තායි බලධාරීහු මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
එහෙත් දකුණු චීන මුහුදේ ගුවන් අභ්‍යාස පැවැති බව සනාථ වී තිබේ.
දකුණු චීන මුහුදේ තෙල් ළිඳේ ඉංජිනේරුවා හෙළිකළ තොරතුරු මත එම ප්‍රදේශය විමර්ශනයට ලක් නොකළේ මන්ද යන්න අභිරහසකි.
රටවල් කීපයක් මෙම යුද අභ්‍යාසවලට සහභාගි වුණා. ඔවුන් සත්‍යය දන්නවා. එහෙත් තොරතුරු වසන්කළා යෑයි නීජල් කියා සිටියේය.
එම්.එච්-370 නමින් නම් කර ඇති මෙකී ග්‍රන්ථයේ කර්තෘ නීජල් තවදුරටත් පවසන්නේ යානාවේ සිටි මගීන්ගේ ඥතීහු යානාවට සිදුවූයේ කුමක්‌දැයි නොදන්නා බවයි.
ඇමරිකානු තායි ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය වැරදුණා. එය චීනය අත්හිටුවනු ලැබුවා යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලබන සතියේදී නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ ග්‍රන්ථය එළිදැක්‌වීමට නියමිතය. ඉන් මැලේසියානුa රජයද දැඩි අර්බුදයකට මුහුණපාන බව නීජල් කියා සිටී.
නීජල්ගේ ග්‍රන්ථය නිසා දැඩි සැකයක් මතුවන්නේ දකුණු චීන මුහුදේ විමර්ශන කටයුතු පුළුල්ව සිදු නොකිරීම නිසයි.
ඒ ඇමරිකානු හා තායි ගුවන් අභ්‍යාසවලදී වැරදීමකින් එකී යානාවට වෙඩි වැදී විනාශ වූ බවයි.
මේ නිසා එකී සිදුවීම වසන් කර ඇත. යානාව සෙවීම සඳහා පරීක්‌ෂණ කණ්‌ඩායම්වලට දී ඇත්තේ වැරදි තොරතුරුයි.
පසුගිය මාර්තු 8 දා මැලේසියානු යානාව අතුරුදන් විය. ඒ වනවිට ඇමරිකානු තායි ප්‍රහාරක යානා යුද අභ්‍යාසවල නිරතවී සිටියහ. දකුණු චීන මුහුදේ මෙම යුද අභ්‍යාස පැවැත්විණි.
ගිනිගන්නා යානාවක් මුහුදට කඩාවැටෙනු තමන් දුටු බව දකුණු චීන මුහුදේ තෙල් ළිඳක සේවය කළ ඉංජිනේරුවකු දුටුවේය.
මේ අවස්‌ථාව වනවිට යානාවේ පණිවුඩ උපකරණ අක්‍රීය වීය.
එහෙත් යානාව ගැන සෙවීමට විමර්ශන කණ්‌ඩායම් යවනු ලැබුවේ දකුණු චීන මුහුදට නොව ඉන්දීය සාගරයටය. නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ මේ හෙළිදරව්ව ගැන ඇමරිකානු හා තායි බලධාරීහු මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
එහෙත් දකුණු චීන මුහුදේ ගුවන් අභ්‍යාස පැවැති බව සනාථ වී තිබේ.
දකුණු චීන මුහුදේ තෙල් ළිඳේ ඉංජිනේරුවා හෙළිකළ තොරතුරු මත එම ප්‍රදේශය විමර්ශනයට ලක් නොකළේ මන්ද යන්න අභිරහසකි.
රටවල් කීපයක් මෙම යුද අභ්‍යාසවලට සහභාගි වුණා. ඔවුන් සත්‍යය දන්නවා. එහෙත් තොරතුරු වසන්කළා යෑයි නීජල් කියා සිටියේය.
එම්.එච්-370 නමින් නම් කර ඇති මෙකී ග්‍රන්ථයේ කර්තෘ නීජල් තවදුරටත් පවසන්නේ යානාවේ සිටි මගීන්ගේ ඥතීහු යානාවට සිදුවූයේ කුමක්‌දැයි නොදන්නා බවයි.
ඇමරිකානු තායි ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය වැරදුණා. එය චීනය අත්හිටුවනු ලැබුවා යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලබන සතියේදී නීජල් ක්‍රෝත්‍රෝස්‌ගේ ග්‍රන්ථය එළිදැක්‌වීමට නියමිතය. ඉන් මැලේසියානුa රජයද දැඩි අර්බුදයකට මුහුණපාන බව නීජල් කියා සිටී.
නීජල්ගේ ග්‍රන්ථය නිසා දැඩි සැකයක් මතුවන්නේ දකුණු චීන මුහුදේ විමර්ශන කටයුතු පුළුල්ව සිදු නොකිරීම නිසයි.
Thursday, May 29, 2014
මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම
මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම ආසන්න වෙමින් ඇති බව ආර්ථික විශේෂඥ ජේම්ස් රිකර්ඞ්ස් පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ ඩොලරය ගෝලීය සංචිත මුදලේ තත්වයෙන් ඉවත් කිරීම සඳහා රුසියාව සහ චීනය විසින් කටයුතු කිරීම මගින් මෙය නොවැළැක්විය හැකි තත්වයක් බවට පත්ව ඇති බවයි.
ඇමරිකාව උද්ධමනය හේතුවෙන් ඩොලරය අවප‍්‍රමාණය කරනු ඇතැයි සැකයෙන් චීනය සතුව ඩොලර් ටි‍්‍රලියන 3ක් තිබුණද එය නොසලකා හැකි තරම් රත‍්‍රන් මිලදී ගනිමින් ඇති බව රිකර්ඞ්ස් පවසා තිබේ.
ඇමරිකාවට සිය ඩොලර් ටි‍්‍රලියන 17 ගෙවිය හැකි එකම ක‍්‍රමය වන්නේ ඩොලරය අවප‍්‍රමාණය කිරීම පමණක් බවත් එවැන්නක් සිදුවුවහොත් රන් මිල ඉහළ යනු ඇති බවත් ඔහුගේ අදහසයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා පැවති ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී ඩොලරයෙන් ඉවත්වීමට වෑයම් කරන බව පැවසීම සමග මෙම තත්වය වඩාත් පැහැදිලි වී ඇති බවද රිකර්ඞ්ස් පවසා තිබේ.
එහිදී පුටින් පවසා ඇත්තේ නැගෙනහිර යුරෝපය, මධ්‍යම ආසියාව සහ රුසියාව යන කලාපය තුළ සංචිත මුදල් ඒකකය වශයෙන් රූබලය පත්කළ හැකි බවයි.
රුසියාව සහ චීනය අතර ඇතිකරගත් ඩොලර් බිලියන 400ක ගෑස් ගිවිසුම ඩොලර් පද්ධතියෙන් ඉවත්වීමට සෙසු රටවලට උත්පේ‍්‍රරණයක් සපයනු ඇති බවද ජේම්ස් රිකර්ඞ්ස් පවසා ඇත.
ඔහු උපකල්පනය කර ඇත්තේ මහ බැංකු වලට විසඳිය නොහැකි මීළග මූල්‍ය අර්බුදයේදී ලෝකයේ රටවල් වලට SDR වත්කම් වලින් ආධාර ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිදුවීම සමග එය ගෝලීය සංචිත ඒකකය වනු ඇති බවයි.
ඇමරිකාව උද්ධමනය හේතුවෙන් ඩොලරය අවප‍්‍රමාණය කරනු ඇතැයි සැකයෙන් චීනය සතුව ඩොලර් ටි‍්‍රලියන 3ක් තිබුණද එය නොසලකා හැකි තරම් රත‍්‍රන් මිලදී ගනිමින් ඇති බව රිකර්ඞ්ස් පවසා තිබේ.
ඇමරිකාවට සිය ඩොලර් ටි‍්‍රලියන 17 ගෙවිය හැකි එකම ක‍්‍රමය වන්නේ ඩොලරය අවප‍්‍රමාණය කිරීම පමණක් බවත් එවැන්නක් සිදුවුවහොත් රන් මිල ඉහළ යනු ඇති බවත් ඔහුගේ අදහසයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා පැවති ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී ඩොලරයෙන් ඉවත්වීමට වෑයම් කරන බව පැවසීම සමග මෙම තත්වය වඩාත් පැහැදිලි වී ඇති බවද රිකර්ඞ්ස් පවසා තිබේ.
එහිදී පුටින් පවසා ඇත්තේ නැගෙනහිර යුරෝපය, මධ්‍යම ආසියාව සහ රුසියාව යන කලාපය තුළ සංචිත මුදල් ඒකකය වශයෙන් රූබලය පත්කළ හැකි බවයි.
රුසියාව සහ චීනය අතර ඇතිකරගත් ඩොලර් බිලියන 400ක ගෑස් ගිවිසුම ඩොලර් පද්ධතියෙන් ඉවත්වීමට සෙසු රටවලට උත්පේ‍්‍රරණයක් සපයනු ඇති බවද ජේම්ස් රිකර්ඞ්ස් පවසා ඇත.
ඔහු උපකල්පනය කර ඇත්තේ මහ බැංකු වලට විසඳිය නොහැකි මීළග මූල්‍ය අර්බුදයේදී ලෝකයේ රටවල් වලට SDR වත්කම් වලින් ආධාර ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිදුවීම සමග එය ගෝලීය සංචිත ඒකකය වනු ඇති බවයි.
Wednesday, May 28, 2014
අධිවේගී මාර්ගයන්හි උපරිම වේග සීමාව
අධිවේගී මාර්ගයන්හි පැයට කිලෝ මීටර් 100ක් වූ උපරිම වේග සීමාව ඉක්මවන වාහන හසු කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති ස්වයංක‍්‍රීය කැමරා පද්ධතියට හසුවන්නේ පැයට කිලෝමීටර් 110ක් ඉක්මවන වාහන බව පැවසේ.
මේ බව හෙළි වූයේ අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන ආරක්ෂිත කැමරා පද්ධතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් කල පැහැදිලි කිරීමෙනි.
ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙම කැමරා පද්ධතිය මගින් පැයට කිලෝමීටර් 110 ඉක්මවන සියලූම රථවාහන හසුකර ගත හැකි බවත්, ඉන්පසුව ගමනාන්තය අවසන් කිරීමේදී ඒ වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය
මේ බව හෙළි වූයේ අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන ආරක්ෂිත කැමරා පද්ධතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් කල පැහැදිලි කිරීමෙනි.
ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙම කැමරා පද්ධතිය මගින් පැයට කිලෝමීටර් 110 ඉක්මවන සියලූම රථවාහන හසුකර ගත හැකි බවත්, ඉන්පසුව ගමනාන්තය අවසන් කිරීමේදී ඒ වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය
Sunday, May 25, 2014
රුසියානු දේශසීමාව ආසන්නයේ නේටෝ හමුදා
රුසියානු දේශසීමාව ආසන්නයේ නේටෝ හමුදා ක‍්‍රියාකාරකම් උත්සන්න කිරීමට ප‍්‍රතිචාර දක්වන බව රුසියාවේ සන්නද්ධ අංශ ප‍්‍රධානි ජෙනරාල් වැලරි ගෙරාසිමොව් විසින් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ මොස්කව්හි පැවැත්වුනු ආරක්ෂක සමුළුවක් අමතමිනි.
උතුරු අත්ලාන්තික් සහයෝගිතා සංවිධානය විසින් බෝල්ටික් රාජ්‍යයන් තුළ මෙන්ම කළු මුහුද සහ මධ්‍යධරණී මුහුද ප‍්‍රදේශයන්හිද සිය හමුදා බලය නංවමින් ඇති බව ජෙනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ මේ තත්වය තුළ ඊට ප‍්‍රතිචාර දැක්වීමට රුසියානු ආරක්ෂක අංශවලට සිදුව ඇති බවයි.
බෝල්ටික් කලාපයේ තම මිත‍්‍ර රාජ්‍යයන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව නේටෝව විසින් පැවසීමෙන් දින කිහිපයකට පසු රුසියානු පාර්ශ්වය විසින් මෙම ප‍්‍රකාශය සිදුකර තිබේ.
මැයි 6 දිනයේ එස්ටෝනියාවේදී ආරම්භ කළ නේටෝ යුධ අභ්‍යාසය සඳහා ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ලැට්වියාව සහ ලිතුවේනියාව නියෝජනය කරමින් වාර්තාගත සෙබළුන් 6000ක ප‍්‍රමාණයක් සහභාගිවූ බව වාර්තා විය.
අපේ‍්‍රල් 29දා සිට ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය විසින් බෝල්ටික් කලාපයේ හමුදා රැඳවීම ඇරඹු අතර එස්ටෝනියාවේ රැඳී සිටින ඇමරිකානු මැරීන් භටයින් මේ වසර අවසානය වන තෙක් රැඳී සිටිනු ඇතැයි පැවසේ.
ලිතුවේනියාව, පෝලන්තය සහ රුමේනියාව තුළ නේටෝ සංවිධානය විසින් ප‍්‍රහාරක ජෙට් යානා සහ නෞකා රඳවා ඇතැයිද වාර්තා වේ.
ඔහු මේ බව පවසා ඇත්තේ මොස්කව්හි පැවැත්වුනු ආරක්ෂක සමුළුවක් අමතමිනි.
උතුරු අත්ලාන්තික් සහයෝගිතා සංවිධානය විසින් බෝල්ටික් රාජ්‍යයන් තුළ මෙන්ම කළු මුහුද සහ මධ්‍යධරණී මුහුද ප‍්‍රදේශයන්හිද සිය හමුදා බලය නංවමින් ඇති බව ජෙනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ මේ තත්වය තුළ ඊට ප‍්‍රතිචාර දැක්වීමට රුසියානු ආරක්ෂක අංශවලට සිදුව ඇති බවයි.
බෝල්ටික් කලාපයේ තම මිත‍්‍ර රාජ්‍යයන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව නේටෝව විසින් පැවසීමෙන් දින කිහිපයකට පසු රුසියානු පාර්ශ්වය විසින් මෙම ප‍්‍රකාශය සිදුකර තිබේ.
මැයි 6 දිනයේ එස්ටෝනියාවේදී ආරම්භ කළ නේටෝ යුධ අභ්‍යාසය සඳහා ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ලැට්වියාව සහ ලිතුවේනියාව නියෝජනය කරමින් වාර්තාගත සෙබළුන් 6000ක ප‍්‍රමාණයක් සහභාගිවූ බව වාර්තා විය.
අපේ‍්‍රල් 29දා සිට ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය විසින් බෝල්ටික් කලාපයේ හමුදා රැඳවීම ඇරඹු අතර එස්ටෝනියාවේ රැඳී සිටින ඇමරිකානු මැරීන් භටයින් මේ වසර අවසානය වන තෙක් රැඳී සිටිනු ඇතැයි පැවසේ.
ලිතුවේනියාව, පෝලන්තය සහ රුමේනියාව තුළ නේටෝ සංවිධානය විසින් ප‍්‍රහාරක ජෙට් යානා සහ නෞකා රඳවා ඇතැයිද වාර්තා වේ.
Subscribe to:
Comments (Atom)