Last Posts

Monday, April 21, 2014

සැම්සුන්ග් සමාගමේ අද අලුයම ගින්නක්

ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, රූපවාහිනී ඇතුළු තාක්ෂණික නිෂ්පාදන සිදුකරන ලොව සුපතල සැම්සුන්ග් සමාගමේ දකුණු කොරියාවේ Gwacheon හි, පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ගින්නක් අද අලුයම ඇතිවූ බවත් මේ නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ බවත් වාර්තා වේ.
මෙම ගින්න නිසා Samsung.com වෙබ් අඩවිය බිඳ වැටුණු අතර මේ නිසා පාරිභෝගිකයින්ට සිය ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක සහ රූපවාහිනී තුළින් සැම්සුන්ග් සමාගමේ ඇතැම් සේවා භාවිතා කිරීමට නොහැකි වූ බව සඳහන්ය.
කෙසේවෙතත්, සමාගම විසින් මෙම බිඳ වැටීම් පසුව යථාතත්ත්වයට පත්කර තිබෙන අතර මෙම ගින්න නිසා කිසිවෙකු තුවාල ලබා හෝ මරණයට පත්ව නොමැති බවද වාර්තා වේ.
මෙම ගින්න අසාමාන්‍ය එකක් බවද මෙම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

1 comment: