රුසියානු දේශසීමාව ආසන්නයේ නේටෝ හමුදා ක‍්‍රියාකාරකම් උත්සන්න කිරීමට ප‍්‍රතිචාර දක්වන බව රුසියාවේ සන්නද්ධ අංශ ප‍්‍රධානි ජෙනරාල් වැලරි ගෙරාසිමොව් විසින් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ මොස්කව්හි පැවැත්වුනු ආරක්ෂක සමුළුවක් අමතමිනි.
උතුරු අත්ලාන්තික් සහයෝගිතා සංවිධානය විසින් බෝල්ටික් රාජ්‍යයන් තුළ මෙන්ම කළු මුහුද සහ මධ්‍යධරණී මුහුද ප‍්‍රදේශයන්හිද සිය හමුදා බලය නංවමින් ඇති බව ජෙනරාල්වරයා එහිදී සඳහන් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ මේ තත්වය තුළ ඊට ප‍්‍රතිචාර දැක්වීමට රුසියානු ආරක්ෂක අංශවලට සිදුව ඇති බවයි.
බෝල්ටික් කලාපයේ තම මිත‍්‍ර රාජ්‍යයන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව නේටෝව විසින් පැවසීමෙන් දින කිහිපයකට පසු රුසියානු පාර්ශ්වය විසින් මෙම ප‍්‍රකාශය සිදුකර තිබේ.
මැයි 6 දිනයේ එස්ටෝනියාවේදී ආරම්භ කළ නේටෝ යුධ අභ්‍යාසය සඳහා ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ලැට්වියාව සහ ලිතුවේනියාව නියෝජනය කරමින් වාර්තාගත සෙබළුන් 6000ක ප‍්‍රමාණයක් සහභාගිවූ බව වාර්තා විය.
අපේ‍්‍රල් 29දා සිට ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය විසින් බෝල්ටික් කලාපයේ හමුදා රැඳවීම ඇරඹු අතර එස්ටෝනියාවේ රැඳී සිටින ඇමරිකානු මැරීන් භටයින් මේ වසර අවසානය වන තෙක් රැඳී සිටිනු ඇතැයි පැවසේ.
ලිතුවේනියාව, පෝලන්තය සහ රුමේනියාව තුළ නේටෝ සංවිධානය විසින් ප‍්‍රහාරක ජෙට් යානා සහ නෞකා රඳවා ඇතැයිද වාර්තා වේ.
No comments:
Post a Comment