Last Posts

Monday, October 17, 2016

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත. ජනාධිපති කාර්යාලය විසින් ඇගේ ඉල්ලා අස්වීම පිලිගෙන ඇතැයිද වාර්තා පල වෙයි. අල්ලස් කොමිසම CID, FCID යන ආයතක දේශපාලන උවමනාවන් මත කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නිසා ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිවද එම කොමිසමටම පැමිණිලි කිහිපයක් යොමු කර තිබුණද ඒ ගැන පරීක්‍සණ වූ බවක් වාර්තා නොවීය.

No comments:

Post a Comment