රුසියාවේ මර්මන්ස්ක් ප‍්‍රදේශයට ඉහළ අහසේ දීප්තිමත් ගිනි බෝලයක් සේ දැවී ගියේ ඇමරිකාව විසින් ගුවන්ගත කළ චරපුරුෂ ඩ්‍රෝන යානාවක් බව රුසියාව නිවේදනය කර තිබේ.
රුසියානු උතුරු බලසේනාවේ අණදෙන නිලධාරී ව්ලැදිමීර් කොරොලෙව් විසින් මේ බව තහවුරු කර ඇතැයි පැවසේ.
මෙම යානය නොර්වේ රාජ්‍යයේ ස්ටැවෙන්ජර්හි පිහිටා ඇති ඇමරිකානු ගුවන් හමුදාවේ 501වන සංග‍්‍රාම සහය සේනාංක මූලස්ථානයෙන් ගමන් අරඹා ඇති බව රුසියානු සංඥා බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
ඔවුන් පවසා ඇත්තේ RQ-180 චරපුරුෂ ඩ්‍රෝන යානය සෙවරෝමොර්ස්ක්හි උතුරු බලසේනා මූලස්ථානය සහ ගාසියේවෝ නාවික හමුදා කඳවුර ඉලක්ක කර පැමිණි බවයි.
රුසියාවේ අළුත්ම බැලස්ටික් මිසයිල ප‍්‍රහාරක බෝරි වර්ගයේ සබ්මැරීන 2වන යූරි ඩොල්ගුර්කි සහ ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි රඳවා ඇත්තේද ගාසියේවෝ කඳවුරේ බව පැවසේ.
1998දී බිලැක් බර්ඞ් යානය විශ‍්‍රාම යැවූ පසු ඇමරිකානු ගුවන් හමුදාවේ චරපුරුෂ මෙහෙයුම් සඳහා භාවිතා කරන ප‍්‍රමුඛතම යානය වන්නේ RQ-180 ඩ්‍රෝන යානයයි.
පසුගිව වසරේ රහසිගත ඒරියා 51හි මෙය අත්හදා බලමින් සිටි අතරතුරදී එය ලොව පුරා අවධානයට පාත‍්‍රවිය. මෙම යානය විනාශ කිරීම සඳහා රුසියාව විසින් භාවිතා කළ දියුණු විද්‍යාත්මක ප‍්‍රතිප‍්‍රහාරයේ මාධ්‍යය කුමක්දැයි හෙළිදරව් කර ඇති මුත් විශ්වාස කෙරෙන්නේ ලේසර් ප‍්‍රහාරයක් මගින් එය දවා අළු කරන්නට ඇති බවයි.
මෙය ඇමරිකාව සහ රුසියාව අතර වන යුද්ධයක් පිළිබඳව වර්ධනය වෙමින් ඇති අවදානම තවත් ඉහළ නංවන බව විචාරක අදහසයි.
No comments:
Post a Comment