මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය යම් ස්ථානයකට ආරක්ෂිතව ගොඩබස්වන ලද විය හැකි බව ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් විසින් සැලකිල්ලට ගනිමින් සිටින බව වාර්තා වේ.
එම කණ්ඩායමට සමීප ආරංචි මාර්ගයක් විසින් මේ බව අනාවරණය කර ඇති අතර මේ වන විට සෙවුම් කටයුතු සිදුකරමින් පවතින ඉන්දියානු සාගරය වෙත යානය කඩා වැටීම පිළිබඳ ඔවුන් විසින් සැක පහළ කරමින් ඇතැයිද පැවසේ.
නෞකා සහ ගුවන් යානා ගණනාවක් අතුරුදන්වූ යානාව සොයා ඉන්දියානු සාගරය පීරමින් ඇති නමුදු MH370 ගුවන් යානය හා සැසඳිය හැකි කිසිදු කොටසක් හෝ එයින් සොයාගැනීමට මෙතෙක් අසමත් වී ඇත.
මැලේසියානු පුවත්පතක් පවසා ඇත්තේ රටවල් 20ක් විසින් මෙවැනි සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරතුරු යම් රාජ්‍යයක් විසින් යානාව සගවාගෙන සිටී නම් එය විකාර ක‍්‍රියාවක් බවයි.
පසුගිය මාර්තු මස 8වනදා ක්වාලා ලාම්පූර් සිට චීනයේ බෙයිජිං දක්වා පියාසර කරමින් සිටි ගුවන් යානය ගුවන් පරිපාලන රේඩාර්වලින් අතුරුදන් වන විට එහි සිටි මගීන් සංඛ්‍යාව 239කි.
අතුරුදන්වූ යානයේ සිටි මගීන්ගේ ඥාතීන්ට අවශ්‍ය රක්ෂණ වන්දි ලබාගැනීම්, ණය ගෙවීම් ආදී අවශ්‍යතා සඳහා සහය දැක්වීමක් ලෙස අතුරුදන් වූවන්ගේ මරණ සහතික නිකුත් කිරීමට පියවර ගන්නා බව මැලේසියානු රජය විසින් පසුගියදා පවසන ලදී.
කෙසේවෙතත් ඥාතීන් විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දිවි ගලවාගත්තකු නොමැතිව යානය කඩා වැටුණු බවට ස්ථිර සාක්ෂි ලැබෙන තුරු මරණ සහතික සහ වන්දි ලබාදෙමින් සිදුවීම අවසන් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.
No comments:
Post a Comment