යුක්රේනයේ සිදුවූ රාජ්‍ය පෙරළිය සහ ඉන්පසු සිදුවීම් පෙළේ පසුපස සිටියේ ඇමරිකාව බව දැන් දැන් පෙළගැසෙන සිදුවීම් වලින් පැහැදිලි වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ ආරම්භයේදී ඔවුන් සෙවණැල්ලට වී සිටීමට වඩා වැඩි කැමැත්තක් දැක්වූ බවයි.
යුක්රේනයේ දේශපාලන අර්බුදය විසඳීමේ ප‍්‍රමුඛ කාර්යභාරයක් ඇමරිකාව විසින් පවරා ගැනීම මගින් විද්‍යාමාන වන්නේ ක‍්‍රියාවලියේ පසුපස සිටි ඔවුහු එහි නායකත්වයට පැමිණීම බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර පුටින් විසින් අවධාරණය කර ඇත්තේ වෙනත් රාජ්‍යවලට වරද පැටවීම වෙනුවට සමස්ත යුක්රේනය සමගම සාකච්ඡවකට අවතීර්ණ විය යුතු බව තමන් කියෙව් පාලනය වෙත පැවසූ බවයි.
යුක්රේනයේ සියලූ ප‍්‍රදේශවල ජනතාවගේ අයිතිවාසිකම් වලට සමානව සැලකිය යුතු බවත් විශේෂයෙන්ම නැගෙනහිර සහ ගිණිකොනදිග යුක්රේනයේ ජනතාව සමග සාකච්ඡ කර විසඳුමක් සොයා ගත යුතු බවත් ඔහු පවසා තිබේ.
මේ අතර ඇමරිකානු සම්බාධක පිළිබඳ අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ තත්වය දිගින් දිගටම පවතින්නේ නම් රුසියානු බලශක්ති ක්‍ෂේත‍්‍රය තුළ නියැලෙන්නේ කුමන පාර්ශ්වයන්ද යන්න සොයාබැලීමට සිදුවන බවයි.
මේ වන විටත් එක්සොන් මොබයිල් සහ චෙව්රොන් වැනි ඇමරිකානු සමාගම් රුසියානු බලශක්ති නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය තුළ කටයුතු කරමින් සිටී.
No comments:
Post a Comment