රුසියාව සඳ මත ජනාවාස තැනීමට සූදානම් වන බව අනාවරණය වී තිබේ. රුසියානු විද්‍යා ඇකඩමිය, රොස්කොමොස් ෆෙඩරල් අභ්‍යවකාශ ආයතනය, මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ තවත් අභ්‍යවකාශ ආයතනයන් ගණනාවක් විසින් සකස් කර ඇති මේ බව සඳහන් වන කෙටුම්පත් ලියවිල්ලක් ඉස්වෙස්ටියා පුවත්පත මගින් ප‍්‍රසිද්ධියට පත්කර ඇතැයි වාර්තා වේ.
පසුගිය අපේ‍්‍රල් මසදී රුසියානු නියෝජ්‍ය අගමැති ද්මිති‍්‍ර රොගොසින් විසින් පවසා ඇත්තේ රුසියාව සදහටම සඳ මතට යාමට සූදානම් වෙමින් ඇති බවයි.
රුසියානු චන්ද්‍ර වැඩසටහන පියවර 3කින් යුතු වන අතර ඉන් පළමුවැන්න 2016දී ආරම්භ වී 2025 දක්වා ක‍්‍රියාවට නැංවෙනු ඇත. මේ කාලසීමාව තුළ රුසියාව විසින් ලූනා-25, 26, 27 සහ 28 නම් ස්වයංක‍්‍රීය රෝවරයන් 4ක් සඳ මතට යවනු ඇතැයි පැවසේ.
මින් පෙර ඇමරිකානු සහ සෝවියට් දේශය විසින් සිදුකළ චන්ද්‍ර ගවේෂණ මගින් සඳ මත ඇලූමිනියම්, යකඩ, ටයිටේනියම් සහ වෙනත් බොහෝ ප‍්‍රයෝජනවත් ඛනිජයන් ඇති බව අනාවරණය කෙරුණු අතර රුසියාව විසින් මෙම සම්පත් අත්පත්කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ මෙහෙයවීමට නියමිතව පවතී.
කෙටුම්පතේ දක්වා ඇත්තේ 21වන සියවස තුළ මෙම චන්ද්‍ර ඛනිජ සම්පත් අත්පත් කරගැනීම සඳහා තරගයක් ඇතිවිය හැකි බවයි.
රෝවරයන් විසින් සොයාගනු ඇති ඛනිජ සම්පත් බහුල ප‍්‍රදේශයන් වෙත 2029-30 කාලසීමාව තුළ අභ්‍යවකාශගාමීන් ඇතුළත් යානා යැවෙනු ඇති අතර පෘථිවි-චන්ද්‍ර මධ්‍යස්ථානයක්ද ඉදිකිරීම ආරම්භ කරනු ඇතැයි පැවසේ.
No comments:
Post a Comment