Last Posts

Wednesday, May 7, 2014

තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත‍්‍රා

තම ධුරයේ බලය සිය බලය අයුතු ලෙස භාවිත කලේ යයි තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත‍්‍රා ධුරයෙන් ඉවත් විය යුතු බවට එරට ව්‍යවස්ථාමය අධිකරණය නියෝග කර ඇත.
අධිකරණය පෙන්වා දී ඇත්තේ අගමැතිවරිය විසින් එරට ජාතික ආරක්ෂක ප්‍රධානියා ස්ථාන මාරු කිරීමකට ලක් කිරීමට බලය අයුතු ලෙස භාවිත කර ඇති බවයි.
මේ අතර රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් දැනට වසරක පමණ කාලයේ සිට යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට විරෝධතා පළ කරමින් සිටින අතර විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම නඩු තීන්දුව එම විරෝධතාකරුවන්ට ශක්තියක් වනු ඇති බවයි

No comments:

Post a Comment