Last Posts

Wednesday, May 28, 2014

අධිවේගී මාර්ගයන්හි උපරිම වේග සීමාව

අධිවේගී මාර්ගයන්හි පැයට කිලෝ මීටර් 100ක් වූ උපරිම වේග සීමාව ඉක්මවන වාහන හසු කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති ස්වයංක‍්‍රීය කැමරා පද්ධතියට හසුවන්නේ පැයට කිලෝමීටර් 110ක් ඉක්මවන වාහන බව පැවසේ.
මේ බව හෙළි වූයේ අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන ආරක්ෂිත කැමරා පද්ධතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් කල පැහැදිලි කිරීමෙනි.
ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙම කැමරා පද්ධතිය මගින් පැයට කිලෝමීටර් 110 ඉක්මවන සියලූම රථවාහන හසුකර ගත හැකි බවත්, ඉන්පසුව ගමනාන්තය අවසන් කිරීමේදී ඒ වෙනුවෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය

No comments:

Post a Comment