බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා වන ගැනිමීඞ් සතුව ස්ථර කිහිපයක සාගරයක් පැවතිය හැකි බව නාසා විද්‍යාඥයින් පවසා ඇතැයි වාර්තා වේ. සූර්යග‍්‍රහ මණ්ඩලයේම විශාලතම උපග‍්‍රහයා වන ගැනිමීඞ් කිලෝමීටර් 5300ක විෂ්කම්භයකින් යුක්ත වන අතර එය බුධ ග‍්‍රහයාටද වඩා විශාල වේ.
ගැනිමිඞ්හි සාගරයක් පැවතිය හැකි බව 1970 දශකයේදී පමණ නාසා විද්‍යාඥයින් විසින් අනුමාන කළ අතර පසුව 90 දශකයේදී ගැනිමීඞ් පසුකර ඇදී ගිය නාසාහි ගැලිලියෝ අභ්‍යවකාශ යානය මගින් සැතපුම් සියගණනක් ගැඹුරින් යුත් සාගරයක් ගැනිමිඞ්හි අයිස් ස්ථරයට යටින් ඇති බව තහවුරු කෙරිණි.
එමගින් ලබාදුන් දත්ත මගින් ගැනිමීඞ්හි මැග්නීසියම් සල්ෆේට් අඩංගු ලවණමය සාගරයන් ඇතැයිද හෙළිවිය. එහි අයිස් ස්ථර දෙකක් අතර සාගරයක් පවතින බව විද්‍යාඥයින් සිතා සිටියද නව පර්යේෂණය මගින් අනාවරණය වී ඇත්තේ එහි පවතින සාගරය ස්ථර කිහිපයක් විය හැකි බවයි.
නාසාහි ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරයේ විද්‍යාඥ ස්ටීව් වාන්ස්ගේ මූලිකත්වයෙන් එළිදක්වා ඇති වාර්තාව විසින් ලවණ මගින් ගැනිමීඞ්හි අභ්‍යන්තර තත්වයන්හිදී ඝනත්වයෙන් වැඩි ද්‍රවයන් පහළට තල්ලූ කිරීම අධ්‍යන්‍ය කර ඇති අතර ඒ අනුව ඉහළින් ඇති අයිස් ස්ථරයට යටින් සාගරයක් ඉන්පසු තවත් අයිස් ස්ථරයක් සහ සාගරයක්ද තෙවන අයිස් ස්ථරයට යටින් අවසන් සාගරයද පිහිටා ඇතැයි අපේක්ෂා කෙරේ.
එහි සාගරයන් සතු ජල පරිමාව පෘථිවියේ මෙන් 25 ගුණයක් පමණ වනු ඇතැයිද ගණන් බලා ඇත.
ගැනිමීඞ්ට අමතරව බ‍්‍රහස්පති චන්ද්‍රයන් වන කැලිස්ටෝ සහ යුරෝපා සතුව සහ සෙනසුරුගේ ටයිටන් සහ එන්කෙලාඩස් යන චන්ද්‍රයන් සතුව අභ්‍යන්තර මුහුදු ඇතැයි සැලකේ
No comments:
Post a Comment